රසායනික පොහොර තහනම ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

රසායනික පොහොර තහනම් කරමින් 2021.05.06 දා නිකුත් කොට තිබු රජයේ ඇති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කොට ඇත,

එය පසුගිය 24 දා නිකුත් කරන බව රජය ප්‍රකාශ කොට තිබුණ ද , එයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගේ අත්සන නොලැබීම නිසා එය නිකුත් කිරීම ප්‍රමාද වී තිබිණි.

ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් අනෙක් සියලු කෘෂි රසායන ආනයනයට තිබු බාදා ඉවත් කොට ඇති අතර ග්ලයිෆොසේට් වල් නාශකය ගෙන්වීම සඳහා පමණක් බලපත්‍ර ලබාගත යුතු බව නියම කොට ඇත.

ඒ අනුව රසායනික පොහොර ආනයනය සඳහා තිබු තහනම ඊයේ සිට ඉවත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *