කුස්සියේ බෝම්බය – අනුර සූරියබණ්ඩාර 

මේ ලියන දිනයේ මේ මොහොත වන විට රට පුරා ගෑස් පිපිරුම් දහයක් සිදුව ඇති බව ප්‍රවෘත්ති ප්‍රකාශ වල සඳහන් වේ. ගෑස් පිපිරුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ  අදහස් දක්වමින් නොවැම්බර් 29 දින රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න කීවේ,  2015 සිට ගෑස් සිදුවීම් 233ක් වාර්තාවී ඇති බවය. ගෑස් නියාමනය විවිධ ආයතන වලට පැවරී ඇති නමුත් ඒ කිසිම රාජ්‍ය ආයතනයක් වගකීම ඉටුකර නොමැති බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

අලගියවන්න මහතා ගේ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව කාරණා කටයුතු වලදී ජනතාව කෙරෙහි දක්වන සැලකිල්ල කොතරම් පහත් මට්ටමක පවතින්නේ ද යන්නය.

ගෑස් නියාමනය විවිධ ආයතනවලට පැවරී ඇති බව කීම හෝ ගෑස් නියාමනය බාර රාජ්‍ය ආයතන වගකීම් ඉටුකර නැතැයි කීම කිසිසේත් ම ප්‍රශ්නයට පිළිතුර නොවේ. රාජ්‍ය ආයතන වගකීම් ඉටු නොකරන්නේ නම් එය ජනතාවගේ වරදක් නොව රට කරවන්නන් හෙවත් ආණ්ඩුවේ ම වරදකි. රාජ්‍ය ආයතන වගකීම් ඉටු නොකරන්නේ නම් එහි වගකීම බාරගත යුත්තේ ඇමැති රාජ්‍ය ඇමැති ඇතුළු පිරිසය.නමුත් අලගියවන්නලා කතා කරන්නේ කිසිවක් නොදත් අත දරුවන් පරිද්දෙනි.

2015 සිට ගෑස් පිපිරුම් ගණන් හිලව් කියන්නට රාජ්‍ය ඇමැතිලා රටට අවශ්‍ය නැත. ඇමති සිටින්නේ එවැනි තැනක වරදක් සිදුවන්නේ නම් සොයා බලා ඒ වරද නිවැරදි කරන්නටය. ගෑස් ප්‍රශ්නයේ දී වගකිවයුත්තන් මෑත ඉතිහාසයේ  විහිළු කතා කී පළමු අවස්ථාව මෙය⁣ නොවේ මින් පෙරද ගෑස් ප්‍රශ්නයකදී එවක ලිට්රෝ  සභාපති ලාෆ් සිලින්ඩරයට ලිට්රෝ සිලින්ඩරය හුවමාරු කරන බව කියා ගෑස් වෙළෙන්දන් සහ ගෑස් පාරිභෝගිකයා ද අමාරුවේ දැම්මේය.තවත් වතාවක ගෑස් ප්‍රශ්නයකදී සභාපති  කීවේ,  එය හිටපු සභාපති ගේ වරදක් බව සහ ඒ බව ප්‍රසිද්ධ කරන්නැයි ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බවය. ගැටලුව , හිටපු සභාපතිවරයාත් ආණ්ඩුව විසින් ම පත්කළ අයෙක් වීමය. හිටපු සභාපති හෝ සිටින සභාපති හෝ කවරකු හෝ වරදක් කර ඇත්නම් ආණ්ඩුව  ඊට විරුද්ධව පියවර ගත යුතුය. එහෙත් මේ කියූ හිටපු සභාපතිට විරුද්ධව පියවරක් ගත් බවක් මේවන තෙක් දැනගන්නට නැත.

ගෑස් ප්‍රශ්නය මුලින්ම කතාබහට ලක්වූයේ මේ වසරේ ජූලි මාසයේ දීය. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ගේ හෙළිදරව්වක් හේතුවෙනි. ඒ මහතා එහිදී  පෙන්වා දී තිබු⁣ණේ, බියුටේන් 80% ප්‍රොපේන් 20% වශයෙන් පැවැති ගෘහස්ත ගෑස් සිලින්ඩරවල සංයුතිය  ලිට්‍රෝ සහ ලාෆ් දෙවර්ගයේ ම බියුටේන් 50% ප්‍රොපේන් 50% වශයෙන් වෙනස් කර ඇති බවය. සංයුතිය එසේ වෙනස් කිරීම හේතුවෙන් ගෑස් බාල වීමක් සිදුව ඇති සේම ගෑස් කාන්දුවක් සිදුවිය හැකි බවට ද එකල අනාවැකි පළ විය.

තුෂාන් ගුණවර්ධන මහතා පැවසූ පරිදි ඒ මහතා, ගෑස් සංයුතියේ වෙනස පිළිබඳ වෙළෙඳ අමාත්‍යංශය ද දැනුම්වත් කර තිබේ. එහෙත් නොවැම්බර් මස 20 දින කොළඹ තුරඟ තරග පිටිය අසල අවන්හලක පිපිරුමක් සිදුවන තුරු වත්, එනම් තුෂාන් ගුණවර්ධන මහතා ගේ හෙළිදරව්වට මාස හතරක් ගතවන තෙක් ම වෙළෙඳ අමාත්‍යංශය හෝ රජයේ වෙනත් කිසිවකු හෝ අවම වශයෙන් ගෑස් සංයුතිය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමුකර තිබුණේ නැත. ඒ වෙනුවට කෙරුණේ තුෂාන් ගුණවර්ධන මහතාට එරෙහිව අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීම , ඒ මහතාට නොයෙක් අවලාද සහ හිරිහැර කිරීම් ආදියය.

තුෂාන් ගුණවර්ධන මහතා පැවසූ පරිදි ඒ මහතා, ගෑස් සංයුතියේ වෙනස පිළිබඳ වෙළෙඳ අමාත්‍යංශය ද දැනුම්වත් කර තිබේ. එහෙත් නොවැම්බර් මස 20 දින කොළඹ තුරඟ තරග පිටිය අසල අවන්හලක පිපිරුමක් සිදුවන තුරු වත්, එනම් තුෂාන් ගුණවර්ධන මහතා ගේ හෙළිදරව්වට මාස හතරක් ගතවන තෙක් ම වෙළෙඳ අමාත්‍යංශය හෝ රජයේ වෙනත් කිසිවකු හෝ අවම වශයෙන් ගෑස් සංයුතිය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමුකර තිබුණේ නැත. ඒ වෙනුවට කෙරුණේ තුෂාන් ගුණවර්ධන මහතාට එරෙහිව අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීම , ඒ මහතාට නොයෙක් අවලාද සහ හිරිහැර කිරීම් ආදියය.

තුරඟ තරග පිටිය අසල අවන්හලේ පිපිරුමට හේතුව වශයෙන් රසපරීක්ෂක වාර්තාවේ සඳහන් වන්නේ , පෙට්‍රෝලියම් වායුව කාන්දු වී විදුලි උපකරණයක් මඟින් ගිනි පුළිඟුවක් නිකුත්වීම ලෙස බව කියැවේ. ප්‍රශ්නය  පෙට්‍රෝලියම් වායුව කාන්දු වූයේ කෙසේද කොතැනින්ද යන්නය.එකී ප්‍රශ්නයට පිළිතුරු සපයනු වෙනුවට ලිට්‍රෝ සමාගම දිගින් දිගටම කියමින් සිටින්නේ,ගෑස් සිලින්ඩර පුපුරා නොයන බව සහ පවතින පීඩනයට වඩා වැඩි පීඩනයක් වුව සිලින්ඩරයට දරාගත හැකි බවය. ගෑස් සිලින්ඩර පුපුරන බවක් මෙතෙක් කිසිවකු කියා නැත. සිදුව ඇත්තේ ගෑස් කාන්දුව නිසා පිපිරීම් ඇතිවීමය. එසේනම් සමාගම් පිළිතුරු දිය යුත්තේ ගෑස් කාන්දුව සිදුවන්නේ කවර වරදකින්ද යන්නටය.

ගෑස් සිලින්ඩරවලට සබන් පෙන වත්කරමින් ගෑස් කාන්දු වන ආකාරය ජනතාව පෙන්වා දෙද්දීත් , ගෑස් සිලින්ඩර වලින් බැලුම් පුම්බා පෙන්වද්දීත් සමාගම කාන්දුව ගැන කතා නොකර සිලින්ඩරයේ ශක්තිය ගැන නන් දොඩවමින් කල් අරී. රූපවාහිනී දර්ශන අනුව පෙනීයන්නේ පිපිරුම් හා සම්බන්ධ සෑම සිලින්ඩරයක්ම නිල් පැහැති බවයි. එනම් ලිට්ට්‍රෝ සිලින්ඩර බවයි.( ලාෆ් ගෑස් ප්‍රමිතිය පිළිබඳ සහතිකයක් මෙහිදී අප දෙන්නේ නැත. ) ලිට්ට්‍රෝ යනු ආණ්ඩුවේ ගෑස් සමාගමයි. ඒ අනුව පෙනෙන්නේ ආණ්ඩුව මුදල් ලබා ගනිමින් බාල , කාන්දුවන ගෑස් සිලින්ඩර ජනතාවගේ මුළුතැන් ගෙවල් වලට එවමින් සිටින්නේය යන්නයි. ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය වෙන්දේසි කරමින් බලයට පත්වූ ආණ්ඩුව මහජන ආරක්ෂාව තහවුරු කර ඇති ආකාරය මේ අනුව හොඳින් පැහැදිලි වේ.

ලිට්ට්‍රෝ යනු ආණ්ඩුවේ ගෑස් සමාගමයි. ඒ අනුව පෙනෙන්නේ ආණ්ඩුව මුදල් ලබා ගනිමින් බාල , කාන්දුවන ගෑස් සිලින්ඩර ජනතාවගේ මුළුතැන් ගෙවල් වලට එවමින් සිටින්නේය යන්නයි. ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය වෙන්දේසි කරමින් බලයට පත්වූ ආණ්ඩුව මහජන ආරක්ෂාව තහවුරු කර ඇති ආකාරය මේ අනුව හොඳින් පැහැදිලි වේ.

මේ ආණ්ඩුවත් , ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයත් සිය කුසලතාව ප්‍රදර්ශනය කර ඇත්තේ ප්‍රශ්න විසඳීම⁣ට නොව ප්‍රශ්න වලට හේතු දැක්වීමට සහ ප්‍රශ්න මගහැර යාමට බව පෙනේ. බඩු මිල දිනෙන් දින ඉහළ යමින් තිබේ. මෑතදී පාන් පිටි මිල  ඉහළ ගියේ ඉතිහාසයේ කවරදාවත් එකවර ඉහළ නොගිය ප්‍රමාණයකිනි. වෙළෙන්දන් සිතන සිතන වෙලාවල සිතෙන සිතෙන තරමින් බඩු මිල ඉහළ දමමින් සිටින විට ආණ්ඩුව කරන්නේ ඩොලර් හිගයක් ගැන කන්කෙඳිරිගෑමය. ඩොලර් හිගනම් ඩොලර් උපයාගැනීම ආණ්ඩුවේ වගකීමයි. ඒගැන ජනතාවට කන්කෙඳිරිගෑම උත්තරය නොවේ.

ගෑස් සිලින්ඩරයේ සංයුතිය පිළිබඳ ගැටලුවක් මතුව ඇති මොහොතක ගෑස් කාන්දු හේතුවෙන් යැයි සැක කෙරෙන පිපිරුමක් සිදුවූ වහාම බුද්ධිමත් ආණ්ඩුවක් නම් කළ යුතුව තිබුණේ , ගෑස් සිලින්ඩර වල සංයුතියේ වෙනස සහ පිපිරුම් අතර සම්බන්ධයක් පවතීද යන්න වහාම විමසා බැලීමයි. නමුත් ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමැතිවරයා කළේ ඒ සඳහා පියවර ගැනීම වෙනුවට ඉතිහාසයේ පටන් සිදුවූ සංඛ්‍යා ලේඛන පෙන්වා අත සෝදා ගැනීමට උත්සාහ කිරීමය.

ගෑස් සමාගමද කරන්නේ ගෑස් කාන්දුවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වීම වෙනුවට සිලින්ඩරයේ ශක්තිය ගැන කීමය.එසේ සිදුවන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසාද නොසැලකිල්ල නිසාද වගකීම් විරහිත බව නිසාද යන්න ජනතාව තීරණය කළ යුතුය.

ගෑස් සමාගමද කරන්නේ ගෑස් කාන්දුවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වීම වෙනුවට සිලින්ඩරයේ ශක්තිය ගැන කීමය.එසේ සිදුවන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසාද නොසැලකිල්ල නිසාද වගකීම් විරහිත බව නිසාද යන්න ජනතාව තීරණය කළ යුතුය.

  අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *