|

එක දවසින් කාබනික කරන්න ගිහින් කළ විනාශයට රතන හිමිට ඇඩේනවාලු !

රසායනික පොහොර තහනම් කොට කාබනික ගොවිතැන් කරන්නැයි රජයට අනුසාසන කළයි සමහරු තමන් වහන්සේට ද දොස් කියන බවත්, එසේ වුවත් ආණ්ඩුවේ රසායනික පොහොර තහනම ගැන තමන් කිසිවක් දැන නොසිටි බවත්, එකවර කාබනික කරන්නට උපදෙස් නොදුන් බවත්, පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළහ.

එකවර කරන්නට ගොස් කාබනික ගොවිතැන වැනි වටිනා සංකල්පයක් විනාශ වීම ගැන තමන් වහන්සේට ඇඩේන තත්ත්වයට පත්ව ඇති බවත් උන් වහන්සේ ප්‍රකාශ කරයි.

රතන හිමියන් ප්‍රකාශ කළේ දිගු කලක් කාබනික ගොවිතැන ගැන කතා කළත් , එය එකවර කරන්නට හැකි බව කිසි දා නොකී බවයි.

කාබනික ගොවිතැන ගැන කතා කරමින් සිටි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ද මීට පෙර කීවේ එකවර කාබනික කරන්නට තමන් උපදෙස් නොදුන් බව යි.

මෙලෙස කාබනික ගොවිතැන ගැන කතා කරමින් සිටි බොහෝ දෙනා දැන් වගකීමෙන් කර ඇර සිටින අතර ඔවුන් ද කියන්නේ මෙය ජනාධිපතිතුමාගේ හිතුවක්කාර තනි තීරණයක් බව යි.

එමෙන් ම එයින් විශාල විනාශයක් සිදු වූ බව ද ඒ සියලු දෙනා කියන්නට පටන් ගෙන තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *