මහ කන්නයට පොහොරත් නැහැ , බෙහෙතුත් නැහැ ; ජනවාරියට පෙර ගෙන්වන්න බැහැ

මහ කන්නයේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර හෝ කෘෂි රසායනික ලබාදිය නොහැකි තත්ත්වයක් පවතින බවත්, ඒවා ගෙන්වීමට අඩු තරමින් ජනවාරි මැද පමණ වනු ඇති බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තතු දත් ආරංචි මාර්ග කියයි.

කාබනික පොහොර ලබාදිය නොහැකි වීම සහ ගොවීන්ගේ දැඩි විරෝධය හමුවේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර දීමට රජය තීරණය කළ ද ඒ සඳහා නිශ්චිත උපදෙස් නිකුත් කිරීමක් තවමත් සිදු වී නැති බව කියති. එමෙන් ම සියලු උපදෙස් ලැබුන ද පොහොර ඇනවුම් කිරීම, ණයවර ලිපි විවෘත කිරීම, අවශ්‍ය විදේශ විනිමය ( ඩොලර් ) වෙන්කර ගැනීම ආදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ආනයන කරුවන්ට සිදුවෙයි. ඒ සියල්ලෙන් පසුව පොහොර සහ කෘෂි රශයනික ගෙන්වා ගත හැකි වන්නේ ජනවාරි මැද පමණ වන විට බව කියති.

මෙම තත්ත්වය තුළ බොහෝ ගොවීන් ගොවිතැන් අතහැර දම තිබීමත්, පොහොර නොමැති ගොවිතැනින් ලැබෙන අඩු අස්වැන්නත් නිසා ඉදිරියේ දී සාගතයක් ඇතිවීම වැළක්විය නොහැකි වන බව කෘෂි ක්ෂේත්‍රයේ තතු දත් අය  කියති.

මේ අතර අනුරාධපුරයේ ගොවිතැන් අතහැර සිටින ජනයා අමතමින් දුමින්ද දිශානායක ඇමතිවරයා ඊයේ ඉල්ලා සිටියේ ජනතාව සාගින්නේ සිටීමේ තත්ත්වය අවම කරගැනීම සඳහා වත් හැකි පමණින් වගා කටයුතුවල යෙදෙන ලෙස යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *