පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමේ සම්පුර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න – එජාප නායක රනිල්

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂා කළ ජනාධිපති කොමිසන් සභාවේ සම්පුර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේ ය.

නීතිඥවරුන්ට එය බලාගත හැකි නම් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් එම කරුණු දැන ගැනීමේ වරද කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කළේ ය.

මහජන මුදලින් පවත්වාගෙන ගිය කොමිසමක සොයා ගැනීම් දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව කී ඒ මහතා වෙළුම් 23 කින් යුතු සම්පුර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙම කරුණු සඟවාගෙන සිටීම ප්‍රශ්න වැඩි වීමට හේතුවක් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *