රසායනික පොහොර කෘෂි රසායනික තහනම් ගැසට් නිවේදනය අද සිට අවලංගු කරයි

රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනම් කරමින් පසුගිය අප්‍රේල් මස අග දී රජය නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කොට ඇත.

ඒ අනුව රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ අනුව රසායනික පොහොර, පලිබෝධනාශක හා දිලීර නාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන බවත්, හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *