අද කොවිඩ් මරණ 24 යි ; නව ආසාදිතයින් 740 යි

රජය අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 24 කි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,182 ක් වෙයි.

අද දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබූ අසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 740 කි.

පසුගීය දිනවල හඳුනාගත් නමුත් ප්‍රමාද වී තහවුරු කරගත් අසාදිත සංඛ්‍යාවක් ලෙස 759 ක් ද සමස්ත සංඛ්‍යාවට අද එකතු කරනු ලැබීය.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව අද සවස් වන විට වාර්තා වන්නේ 558,860 ක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *