තරුණයන්ට ආණ්ඩුවත් , පාර්ලිමේන්තුවත් විශ්වාස නැහැ, විශාල පිපුරුමක් අත ළඟ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

 

තරුණයන් රට හැර යාම ගැන ප්‍රශ්නයක් මතු වී ඇති බවත්, ඔවුන් රට හැර යන්නේ පවතින අර්බුදයට විසඳුම් දීම ගැන ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති නිසා බවත්, විකල්ප ආණ්ඩුවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට ඇති හැකියාව ගැනත් විශ්වාසයක් නැති බවත්, මෙම තත්ත්වය විශාල පිපුරුමක් බවට පත්විය හැකි බවත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අද පවතින්නේ මෑත කිසි කලෙක නොපැවතී මට්ටමේ ආර්ථික අර්බුදයක් බව කී රනිල් වික්‍රමසිංහ මහතා එයට විසඳුම් ඉක්මනින් ලබා නොදුන හොත් තත්ත්වය බරපතළ වන බව ද පෙන්වා දුන්නේය.

” 1944 දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මතයකින් . එය ආරම්භ කිරීමේ එක අරමුණක් වුයේ දුප්පත් රටවල් මුහුණ දෙන විදේශ විනිමය ප්‍රශ්න විසඳීමයි. ආරම්භයේ ම ශ්‍රී ලංකාව එම ආයතනයේ සාමාජිකත්වය ලබා ගත්තා. මුල්‍ය අරමුදලට යාමක් ගැන සමහරු කතා කරනවා . එහෙම යන්න දෙයක් නැහැ. අපි ඉන්නේ ඒක ඇතුළේ . දැන් තිබෙන්නේ ඔවුන් සමග සාකච්ඡා කොට විසඳුම් සොයා ගැනීම පමණයි.” වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව පත්කරන කාර්ය සාධක බලකා නීති විරෝධී බවත්, එබඳු ආයතනවලට මහජන මුදල් වියදම් කළහොත් එම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති බවත් හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *