මිනිසුන් අසරණ වී සිටියදී විපක්ෂයේ ඇතැමුන් කරන්නේ නින්දිත දේශපාලනයක් – පුරවැසි බලය සංවිධානයේ – අනුර බණ්ඩාර රාජගුරු

අද අපේ රටම එකට එකතුවෙලා කඳුළු හලන කාල වකවාණුවක්. අපේ රටේ ජනතාවගෙන් සැලකියයුතු සංඛ්‍යාවක් උන්හිටිතැන් නැතිවෙලා, ව්‍යවසනයට පත්වෙලා, ඉතාමක් ඛේදනීය තත්ත්වයක් ඇතිවෙලා තියෙනව.
පැය විසිහතරක් ඇතුළත පක්‍ෂය මාරුකරල, රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිය සම්පූර්ණයෙන්ම විරූපි කරල, ඉතාමත් නින්දිත, තුච්ච, අධම විධියට මේ ව්‍යවසනය තමුන්ගේ දේශපාලන බල අධිකාරියට ඔවුන් අරගෙන තියෙනවද? තමුන්ගෙ දේශපාලන න්‍යායපත‍්‍රයන් වෙනුවෙන් වෙන්කරගෙන තියෙනවද? ඔවුන් කියන්න පටන් අරගන් තියෙනව, ගංවතුර ගලපුව, නායගිය ඒව, ගෙවල් කැඩිච්ච පාලකයන්ගේ වරදින් සිද්ධ වෙනව කියල. මොනතරම් නින්දිත විදිහට මේ දේශපාලනය පාවිච්චි කරනවද? ඇයි මෙහෙම කරන්නෙ? මේ රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා අසරණ ජනතාව වෙනුවෙන් කටයුතු කරනව. මාධ්‍ය ආයතනත් ඒ පිළිබඳව කැපවෙලා වැඩ කරනවා. බලයෙන් පහවෙච්ච මේ ත‍්‍රීවිල් දේශපාලඥයෝ, නින්දිත විදිහට ගංවතුරෙත් බැහැල දේශපාලනය කරනවද? ඇයි මෙහෙම අධම දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇති වුනේ කියල අපි ප‍්‍රශ්න කරනව.
රාජ්‍ය පාළනයෙ වැරදි නිසා ද, එදා මීරියබැද්දෙ කඳුනාය ගියේ? පාළයන්ගෙ වරදින්ද සුනාමිය ආවේ? සොබාදහමේ ඇති වන ප‍්‍රචණ්ඩ තත්ත්වයන්ට දේශපාලනය ගාව ගන්නෙ ඇයි?  මේ ගැන කෑ ගහන්නේ ත‍්‍රීවීල් දේශපාලන පක්‍ෂවල අය. ඔවුන්ට තනියම ඡුන්දයකට ඉදිරිපත් වෙලා දිනන්න බැරි අය. ඔවුන් ජීවිතයට දිනන්නෙ නෑ. මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ සාටයකයට මුවා නොවී ඔවුන්ට දේශපාලනයක් නැහැ. ඔවුන් කරන්නේ මහින්ද රාජපක්‍ෂටත් අසාධාරණයක්.  ජනතාවගේ දුක් කඳුළු උඩින්, වේදනාව උඩින් මේ වගේ කැත දේශපාලනයක් මහින්ද රාජපක්‍ෂ කරන්නෙ නෑ කියල අපි හිතනව. ගම්මන්පිලල කරන්නෙ මහින්ද රාජපක්‍ෂ මහතාටත් ඉතාම නින්දිත අගෞරවයක්.
අපි මේ රටේ ප‍්‍රජතන්ත‍්‍රවාදය අගය කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ නින්දිත කූට දේශපාලඥනන්ට හිස ඔසවන්න දෙන්න එපා කියල. මේ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ කඳුළු උඩ නින්දිත දේශපාලනය කරන්න එපා කියල. මේ ව්‍යවසනය ඇති වුනේ දේශපාලනය නිසා නෙමයි. ස්වභාවික විපත්. අපි මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙනුත් ඉල්ලා සිටින්නේ මේ වගේ තුච්ච දේශපාලනඥයන් නිසා ඔබ තුමා මේ රටට යම් කිසි සේවයක් කරල තියෙනව නම්, ඒක හෑල්ලූ කරන්න ඉඩතියන්න එපා කියලයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *