මහින්ද සමරසිංහ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කරයි

තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව කළුතර දිස්ත්රුක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගැනීම සඳහා ය.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිධූරය බාර ගන්නැයි  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්  තමා එම ඉල්ලීම  බාරගත් බවත් මන්ත්‍රීවරයා  ප්‍රකාශ කළේය.

ඇමරිකාව සමග  සුහදත්වයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව පැවසූ සමරසිංහ මහතා මෙරට කරන වැඩ කොටස  ඒ අය දැනුවත් කළ  යුතු බවද  පැවසීය.

තමා එහි යන්නේ රටට සේවයක් කිරීමට බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති කාර්යාලය  ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

තමා පාර්ලිමේන්තුවට  පත්කළ  කළුතර  දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවද සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *