පලිබෝධ රෙජිස්ට්‍රාර් ඉවතට ; ග්ලයිෆොසේට් තහනම දිගට ම – ඇමති මහින්දානන්ද කියයි : ඇමතිට එයට ඇති බලය ගැන සැකයක් !

ග්ලයිෆොසේටේ ඇතුළු කෘෂි රසායනික පහක් තහනම් කරමින් මීට වසර හතකට පෙර නිකුත්කොට තිබු ගැසට් නිවේදනයක් අහෝසි කරමින් ඊයේ නව ගැසට් නිවේදනයක් නිකුත් කළ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහා ම සේවයෙන් ඉවත් කරන බවත්, ග්ලයිෆොසෙට් තහනම දිගට ම ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ඇමතිවරයා කීවේ ග්ලයිෆොසේටේ තහනම ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තියට පටහැනි බව යි.

කෙසේ වෙතත්, මෙම කරුණ මත රෙජිස්ට්‍රාර්වරයා ඉවත්කරන බව ඇමතිවරයා ප්‍රකාශ කළ ද, එයට ඇති නීතිමය හැකියාව ප්‍රශ්න සහගත බව තතු දත් අංශ ප්‍රකාශ කරයි.

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්  තනතුර දේශපාලන පත්වීමක් නොවන බවත්, එබඳු නිලධාරියකු ඉවත්කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති බවත් අපගේ ආරංචි මාර්ග කියයි.

එම ආරංචි මාර්ග කියන්නේ ඇමතිවරයා හිතුමතේ එබඳු නිලධාරියකු ඉවත් කළ හොත් එය නීතිමය වශයෙන් අභියෝගයට ලක්විය හැකි බව යි.

එමෙන් ම එවැනි ක්‍රියාවක් සමස්ත රාජ්‍ය සේවයේ ම ස්වාධීනත්වයට බලපාන බවත්, එනිසා ම දැඩි විරෝධතාවලට හේතුවිය හැකි බවත් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *