ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරීම ඇමති දන්නේ නැතිලු ! රෙජිස්ට්‍රාර්ගෙන් කරුණු විමසයි !!

ගල්යිෆොසෙට් ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය 5ක් භාවිතය හා අලෙවිය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීම ගැන පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කරුණු පැහැදිළි කිරීමක් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මෙම නව ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව බව කියති.

මෙය සිදුව ඇත්තේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුව වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *