පොහොර, කෘෂි රසායන පුද්ගලික අංශයෙන් ගෙන්වන්න ජනාධිපති අවසර දෙයි ; පොහොර සහනාධාර නැහැ

වගා කටයුතු සඳහා පොහොර සහ කෘෂි රසායනික අවශ්‍ය පරිදි පුද්ගලික අංශයෙන් ගෙන්වීම සඳහා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද අවසර ලබා දුන්නේ ය. කෙසේ වෙතත්, එම රසායනික ගෙන්වීම පුද්ගලික අංශයෙන් පමණක් සිදු කළ යුතු බවත්, ඒ සඳහා සහනාධාර හිමි නොවන බවත් එතුමා පැවසුහ.

කෘෂිකර්මයට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික සම්බන්ධයෙන් පවතින තත්ත්වය සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අද උදේ පැවති සාකච්ඡාවක් අමතමින් ජනාධිපතිතුමා වැඩි දුරටත් කීවේ රජයේ ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මය විය යුතු බවත්, රජයෙන් කළ යුත්තේ එම ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීම පමණක් විය යුතු බවත් ය.

රසායනික පොහොර සහ කෘෂි රසායනික නොමැති වීම නිසා සියලු වගා කටයුතු මේ වනවිට බරපතළ අර්බුදයකට ගොස් ඇති අතර ගොවි ජනයා නොකඩවා උද්ඝෝෂණ වල යෙදී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *