ජනාධිපති හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය ක්‍රියාත්මක කරමින්  දිවයින පුරා  සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත්  නිකුත් කරනු ලැබ ඇත. මීට මාස දෙකකට පෙර ද මෙබඳු ආඥාවක් නිකුත් කරනු ලැබූ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයකු ද පත් කරනු ලැබීය. මෙම නව නියෝගය නිකුත් කොට ඇත්තේ පළමු නියෝගයේ කල් ඉකුත් වී අක්‍රිය වී තිබීමෙන් පසුව ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥා පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා විසින්  මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී  ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව දැනුම් දුන්නේය.

එම ආඥාව සඳහා ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව ඇත.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙමින් තිබිය දී ය. අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද හවස පැවැත්වීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *