ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය කඩා වැටිලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  

මේ වනවිට ආණ්ඩුවේ මධ්‍යම ස්නායු  පද්ධතිය කඩා වැටී ඇති බවත් , කඳ කරන දේ ඔලුව නොදන්නා බවත්, කකුල් කරන දේ කඳ නොදන්නා බවත්, අත් කරන දේ කකුල් නොදන්නා බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඒ මහතා කීවේ ආණ්ඩුව තුළ කිසිදු සම්බන්ධීකරණයක් නැති බවයි.

රසායනික පොහොර තහනම් කිරීමේ තීන්දුව ආපසු හැරවූ බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කියන විට එහෙම තීරණයක් නැති බව ඇමතිවරයා කියන බව කී ප්‍රේමදාස මහතා එය ප්‍රශ්නයක් බවත්, ලේකම්ගේ නිවැරදි තීරණයට එකඟ වන ලෙස තමන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, වැඩිදුරටත් පැවසීය. වරදක් සිදුවූ විට එය පිළිගෙන නිවැරදි කිරීම හොඳ ප්‍රතිපත්තියක් බව විපක්ෂ නායකතුමා පෙන්වා දුන්නේ ය.

“පොහොර ගෙන්වීම ගැන කතා කරන විට කෘෂිකර්ම ඇමතිතුමා කීවේ ඒ ගැන මම දන්නේ නැහැ . එක දන්නේ පොහොර ඇමතිතුමා කියලයි. පොහොර ඇමතිතුමා අද මේ සභාවට ඇවිත් කියනවා මම ඒක දන්නේ නැහැ . එක දන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුමායි කියලා. පවතින තත්ත්වය ඕකයි” විපක්ෂ නායක තුමා වැඩි දුරටත් පැවසීය.

2022 අයවැය පිලිබඳ දිගු විවරණයක් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *