අසරණ ඡනතාව ගැන බලන්න දේශපාලඥයන් නෑ…- වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු – චමීර පෙරේරා

පුරවැසි ව්‍යාපාර විදිහට, පුරවැසියා වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන්න තිබෙන මොහොතක් උදාවෙලා තියෙන්නෙ. පුර වැසි සංවිධාන රැුසක් මේ වන විටත් මේ ආපදා තත්ත්වයට මුහුණ දුන් අයට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනව. රජය පැත්තෙන් බැලූවත් මේවා සම්බන්ධීකරණයට මතු වී ඇති ගැටළු තත්ත්වයක් යටතේ පුරවැසි සංවිධාන ස්වේච්ඡුාවෙන් වැඩකරනව. සිවිල් සංවිධානය හා රාජ්‍ය නොවන සංවිධාන වල මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න හැකි, විවිධ අත්දැකීම් ලත් පිරිස් ඉන්නවා. විශේෂයෙන්ම සුනාමි ව්‍යවසනය කාලෙ විවිධාකාරයෙන් අත්දැකීම් ලබපු රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් තියෙනව. ඒ නිසා එම සංවිධාන වලට යම් කාර්යයන් පවරා, එම සංවිධාන සක‍්‍රීය කරන එක රජය පැත්තෙන් යම් වගකීමක්.
රජයේ නිලධාරීන්ට පමණක් මෙවැනි ආපදා තත්ත්වයකදී මුහුණ දීම පහසු නැ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සියලූ සංවිධාන සමග පළමුව සාකච්ඡුාවක් කරන්න. මේ විපතට පත්වූවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීම, රජය සමග සම්බන්ධීකරණය කිරීම, අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ප‍්‍රථමයෙන්ම සියලූම සංවිධාන කැඳවා සාකච්ඡුාකර ඉදිරිපියවර ගන්න කියල ඉල්ලනව.
මේ සමාජ ව්‍යවසනය ඇතුළෙත් අපිට යම් යම් දේශපාලන කාරණා අමතක කරන්න බැහැ. අපි රජය දරණ අධික වියදම් සම්බන්ධයෙන් වරින් වර ප‍්‍රශ්න මතු කළා. මේ ව්‍යවසනයත් සමගම අපිට අහන්න ලැබෙනවා තමන්ගේ දේශපාලන නියෝජිතයන් සම්බන්ධයෙන් ජනතාව දරණ මතය. ඔවුන් ප‍්‍රශ්න කරනව ඔවුන්ගෙ දේශපාලන නියෝජිතයා කෝ කියන එක. ඔවුන්ට තමන්ගේ ඡුන්දය පාවිච්චි කරපු කෙනා දකින්න නෑ කියල කියනව. තමන්ගේ නියෝජිතයා ඔවුන් හමුවට ගිහින් නැහැ.
අපි දන්නව මේ වන විට පාර්ලිමේන්තුවෙ ඉන්න දේශපාලඥයො 225න් බහුතරයක් තමන්ගෙ ලක්‍ෂ දෙසිය විස්සේ වාහන බලපත‍්‍රය විකිණීම සඳහා කටයුතු කරන මොහොතක්. ඔවුන් හොඳ වාහනයක් ඉල්ලා සිටින්න ඇත්තේ ජනතාවට හොඳ සේවයක් කරන්න. වේගයෙන් ජනතාවට සේවය කරන්න තමයි ඒ වාහනය ඉල්ලා සිටින්නට ඇත්තෙ. ඒ අයට දැන් ඒක ලැබිල තියෙනව. එහෙනම් ඇයි ඔවුන්ට වේගයෙන් ජනතාව ළ`ගට යන්න බැරි? අපි ඉල්ලා සිටිනවා ඔවුන්ගෙන් තමන්ගේ භූමිකාව ඉටු කරන්න.
දැන් ජනතාව කියනවා, තමන්ට ඡුන්දය දුන්න ජනතාව අසරණ වුන වෙලාවෙ ඔවුන් බලන්න එන්නෙ නැතුව ව්‍යාපාරියන් පස්සෙ යනවලූ ලක්‍ෂ 220 පර්මිට් විකුණන්න. හරිම අශෝභනයි. අශිෂ්ටයි. රටේ ව්‍යවසනයක් වෙලා තියෙනව. තමන්ට හෘද සාක්‍ෂියක් තිබිය යුතුයි. තමන්ගෙ ජනතාව තමන් නියෝජනය කළ යුතුයි. තාම ඔවුන් ජනතාව ළ`ගට ගිහින් නැහැ. ජනතාව ඔවුන් ගෙන ප‍්‍රශ්න කරමින් ඉන්නව. ජනතාව හඬමින් අහනව ‘‘කෝ අපි ඡුන්ද දීපු මන්ත‍්‍රීවරයා’’ කියල? රජයෙනුත්, දේශපාලඥයන්ගෙනුත් ඉල්ලා සිටින්නේ තමන්ගේ වගකීම ඉටු කරන්න. තමන්ගේ නියෝජිතභාවය අරක්‍ෂා කරන්න කියල.
මේ මොහොතේ, මේ තරම් වියදම් දැරීම, රටකට හිතකර නෑ කියල අපි කිව්ව. අපි කිව්ව දේ නො අසා තමයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට මේ වරප‍්‍රසාදය ලබා දුන්නෙ. වියදම් කිරීම පිළිබඳව, රජයේ මූල්‍ය කළමණාකාරීත්වය පිළිබඳව ප‍්‍රශ්න තියෙනව. අමාත්‍යංශ වලට ගොඩනැගිලි හදන්න, මිලදී ගන්න, ඒවා අලූත්වැඩියා කරන්න විශාල වියදමක් දරමින් තියෙනව. අපි රජයෙන් ඉල්ලා සිටන්නේ අනවශ්‍ය වියදම් සියල්ල නතර කරන්න කියල. කැබිනට් මණ්ඩලයට තියෙන රථගාය සනීප කරගෙන ජනතාවට සේවය කරන්නයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *