අද කොවිඩ් මරණ 19 යි ; නව ආසාදිතයින් 697 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,127 ක් වශයෙනි.

අද දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 697 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 556,624 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *