වසර දෙකක ⁣ශේෂ පත්‍රය – අනුර සූරියබණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ධූර කාලයට වසර දෙක සම්පූර්ණ වූයේ මෙයට දින කිහිපයකට පෙරදී ය. එකී වසර දෙක විමසා බලන්නට මෙය කදිම අවස්ථාවකි.

රූපවාහිනී ප්‍රවෘත්ති විකාශවල කියන ආකාරයට මෑත ඉතිහාසයේ වැඩිම එළවළු  මිල ගණන් මේ දිනවල වාර්තා වෙමින් පවතී. එළවළු මිල ඉහළ යාමට හේතු ; එකක්, අයහපත් කාළගුණය වන අතර අනෙක පොහොර හිගය ය. පොහොර හිගය යනු ගෝඨාභය රාජපක්ෂ පාලනයේ තීරණයක පලයකි.  කාබනික වගාව ගැන මොනතරම් පුරාජේරු කීවද කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ විද්වතුන්ගේ අනාවැකි නිවැරදි කරමින් මේවන විට රටේ ආහාර හිගයක පෙරනිමිති පහළ වෙමින් තිබේ.

රසායනික පොහොර නතර කිරීමට ගත් ගෝඨාභය මහතා ගේ දරදඬු තීරණය හේතුවෙන් මේවන විටත් මෙරට කුඹුරු අක්කර දහස් ගණනක් වගාවට යොදා නොගෙන පාළු වන තත්ත්වයක් පවතී. ආණ්ඩුවේ කාබනික පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබා වී වගා කළ ගොවියන්ට ද මෙතෙක් නිසි පරිදි පොහොර ලැබී නැත. අවශ්‍ය පමණට කාබනික පොහොර ලැබුණ ද රසායනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න කාබනික පොහොර මඟින් ලබා ගන්නට හැකියාවක් නැත. එම තත්ත්වය තුළ ලබන වසරේ බරපතළ සහල් හිගයකට මුහුණදීමට මෙරටට සිදුවනු ඇත.

ජනාධිපතිවරයාත් වත්මන් ආණ්ඩුවත් බලයට පැමිණියේ ජීවන වියදම ගැන කතාකරමින් වුව මේ වන විට සහල් , සීනි ,කිරිපිටි ,සිමෙන්ති ආදි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. වැඩි මිලටවත් ගන්නට ගෑස් නැත. ගෑස් වෙනුවට භාවිතයට භූමිතෙල් හෝ නැත.  ඒ අනුව පසුගිය වසර දෙක තුළ ජනතාව කබලෙන් ලිපට වැටී තිබේ.

නාස්තිය දූෂණය නැති කිරීමට යැයි කියා බලයට පැමිණියද පසු ගිය වසර දෙක තුළ ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයේ සිට නැනෝ නයිට්‍රිජන් දක්වා සියල්ලෙන් ආණ්ඩුවේ හිතවත් ජාවාරම්කාරයන්ට ගසාකන්නට ඉඩ සලසා තිබේ. නිදර්ශනයක් වශයෙන් ආසන්නතම නැනෝ නයිට්‍රිජන් ගනුදෙනුව ගත් කල ඒ සඳහා මුදල් ලබාදුන් ආකාරය , මිලදී ගැනීම ආදි සියල්ල ගැටලු සහගතය. අලුත්ම තොරතුරු අනුව කියැවෙන්නේ, ඉන්දියාවේ මිල ශ්‍රී ලංකාවේ රුපියල් වලින් 654 වන නැනෝ නයිට්‍රිජන් මෙරටට මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් 2520 බැගින් බවයි. මෙය වනාහී ගොවියා අසරණ තත්ත්වයට ඇදදමා ජාවාරම්කාරයන්ට මඩි තරකර ගැනීමට අවස්ථාව සලසා දීමකි. නැනෝ නයිට්‍රිජන් ප්‍රශ්නයේදී ගොවියා පමණක් නොව කෘෂිකර්ම ඇමැතිවරයා පවා අසරණ වී ඇති බව පෙනේ.

ජාතික සම්පත් ආරක්ෂා කරන්නට යැයි කියා බලයට පැමිණි ජනාධිපතිවරයා ගෙන් ජාතික සම්පත් ආරක්ෂා කර ගන්නට සටන් කරන්නට සිදුවූ වසර දෙකක් ලෙස ද ගෝඨාභය මහතා ගේ වසර දෙක හදුන්වන්නට සිදුවේ. හම්බන්තොට වරාය ගැන කිඹුල් කඳුළු හෙළමින් බලයට පැමිණි ජනාධිපතිවරයා කොළඹ වරායේ ජැටිය , පෝර්ට් සිටිය විදේශයන්ට පවරන විට හැටනම ලක්ෂයක් ඡන්දදායකයන්ට සිදුවූයේ නිකටේ අතගසාගෙන අනේ අපොයි ! කියමින් බලා ඉන්නටය.  පෞද්ගලීකරණයේදී ආණ්ඩුව කොයිතරම් අත්තනෝමතිකව කටයුතු කර ඇත්ද යත් යුගදනවි බලාගාර ගිවිසුමෙන් පාර්ලිමේන්තු බලය පවා අභියෝගයට ලක්කර ඇතැයි කියැවේ.

අමෙරිකානු ආක්‍රමණයක්ය කියමින් මිලේනියම් ගිවිසුමට එරෙහි වූ ජනාධිපතිවරයාම මෙරට එල්එන්ජී අයිතිය පාර්ලිමේන්තුවේ බලයද අභියෝගයට ලක්කරමින්  අමෙරිකාව සතුකර ඇතිවා පමණක් නොව , කොළඹ කොටුවේත් ත්‍රිකුණාමලයේත් ඉඩම් විකිණීමට පිඹුරුපත් සකසමින් සිටී.

පසුගිය දෙවසරක කාලය තුළ ජනාධිපතිවරයා සිය හැකියාවට වඩා නොහැකියාව ප්‍රදර්ශනය කර තිබේ. කොරෝනා මර්දනය එයට හොඳම නිදසුනකි. කොරෝනා මර්දන එන්නත්කරණයේදී අනුගමනය කරනු ලැබුවේ සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් නොවේ . ඒ හේතුවෙන් මෙරට කොවිඩ් ප්‍රශ්නය උග්‍රව පාලනය කර ගත නොහැකි මට්ටමක් දක්වා වර්ධනය විය.  ප්‍රශ්නය කොයි තරම් බරපතළ වූයේද යත් අවසානයේ කොවිඩ් මර්දනය සඳහා වෙළෙඳ සංගම් ආදිය ස්වේච්ඡාවෙන් නගර ලොක්ඩවුන් කර ගන්නා තැනට කටයුතු යෙදුණි. අවසානයේ රට වසාදමනු ලැබුණේ වෘත්තීය සමිති මූලික වී රට වසන බවට තර්ජනය කිරීමෙන් පවා අනතුරුවය. එසේ තර්ජනය නොකළානම් මෙරට කොවිඩ් වසංගතය අසල්වැසි ඉන්දියාවද ඉක්මවා කොවිඩ් මරණ සංඛ්‍යාව මේවනවිට තිස් හතළිස් දහසක් වන්නට පවා ඉඩ තිබුණි.

නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ද තත්ත්වය එයමය. භාරත ලක්ෂ්මන් ඝාතනයට සම්බන්ධව මරණ දඬුවම නියම කළ තැනැත්තාට ජනාධිපති සමාව ලබා දුන්නා පමණක් නොව ඔහුට රජයේ ඉහළ තනතුරක් ද ලබා දෙනු ලැබිණ.  උතුරේ ඝාතනයකට සම්බන්ධ  තැනැත්තකුට  ජනාධිපති සමාව ලබාදීම තවත් එවැනි ක්‍රියාවකි. නඩු භාණ්ඩ වශයෙන් රඳවා සිටි අලි ඇතුන් නිදහස් කිරීම කෙළවර වූයේ වන ජීවි අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිණි වික්‍රමසිංහ ද ඉල්ලා අස්වීමෙනි. ගෝඨාභය යුගයේ රාජ්‍ය සේවයට එල්ල වන පීඩනයේ තරමද එම ඉල්ලා අස්වීමෙන් ප්‍රකාශ වේ. තත්ත්වය තවත් බරපතළ වන්නේ ඉෂිණි වික්‍රමසිංහට පමණක් නොව රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු හෙබවූ තැනැත්තන් රැසක්ම පසුගිය වසර දෙක තුළ ඉල්ලා අස්වීම් හේතුවෙනි.

එක රටක් එක නීතියක් කොමිසමට අධිකරණයට අපහාස කළ තැන්ත්තකු මුල් පුටුවට පත් කිරීම ද ඒ සඳහා නිදසුන් වශයෙන් තිබේ. කුරුණෑගල රාජ්‍ය සභා ගොඩනැඟිල්ල විනාශ කළ තැනැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ ආකාරයෙන් පෙනුණේ , තමන්ගේ එකාටත් අනෙකාටත් නීතිය ආකාර දෙකක් බවය.

පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් පමුණවන්නට බලයට පත්වූ ජනාධිපතිවරයා යටතේ තමන්ට සාධාරණය ඉල්ලා වීදි බසින්නට කිතුනු ජනතාවට සිදුවී තිබේ. පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් කරනවා වෙනුවට චූදිතයන් ආරක්ෂා කරන පිළිවෙතක් ක්‍රියාත්මක බව කිතුනු ජනතාවගේ මතයයි. සිරිල් ගාමිණි පියතුමා රහස් පොලිසියට කැඳවීම ආදියෙන් පෙනෙන්නේ , පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලුහුබැඳීම වෙනුවට පැමිණිලිකරුවන් පසුපස ලුහුබඳින බවයි.

19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නැතැයි කියමින් බලයට පැමිණි ජනාධිපතිවරයා 20වන සංශෝධනය මගින් කොමිෂන් සභා රූකඩ බවට පත්කර ගත්තේය. හොඳම නිදසුන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවයි. දැන් එළඹී ඇත්තේ අල්ලස් කොමිසමේ නඩු විභාග වන කාලයක් නොව කොමිසමේ දුර්වලතා නිසා නඩු ඉවත්කර ගන්නා කාලයකි. සොරකුට වුවත් තමා ගැන පරීක්ෂා කරන්නැයි බිය සැක නැතිව කොමිසමෙන් ඉල්ලිය හැකි වටපිටාවක් පවතින බව පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් තැනැත්තන් අල්ලස් කොමිසමට යාමෙන් පැහැදිලිවේ.

මෙරට ඉතිහාසයේ වැඩිම ගැසට් සංඛ්‍යාවක් රිවස් කළ යුගය වශයෙන් ද පසුගිය වසර දෙක හඳුන්වන්නට පුළුවන.  මිල පාලන ගැසට් ඒ අතරින් ප්‍රමුඛ වේ , ගැටලුව ඒවා රිවස් කෙරුණේ ජනතාවට වාසි සහගත ලෙස නොව ව්‍යාපාරිකයාගේ යහපත සැලසෙන ආකාරයට වීමයි. එක රටක් එක නීතියක් ගැසට්ටුවට ද රිවස් කිරීමේ ඉරණමෙන් ගැලවිය හැකි නොවීය. එක් අතකින් ගත් කල ජනතාවගේ සුබසිද්ධියට යම් තරමකින් හෝ බලපෑවේ එක් රටක් එක නීතියක් ගැසට් රිවස් කිරීම පමණි.

අශ්වයා පැන්නාට පසු ඉස්තාලය වැසීමේ ප්‍රතිපත්තිය මෙරට ක්‍රියාත්මක වූ දෙවසරක් ලෙසද ගෝඨාභය මහතා ගේ ධූර කාලය හඳුන්වන්නට පුළුවන. ඒ සඳහා නිදසුනක් වශයෙන් කාබනික පොහොර ගැටලුවේ දී ජනතාවට සවන්දීමට ජනාධිපතිවරයා සූදානම්ය යන ප්‍රකාශයක් වැවිලි කර්මාන්ත ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිරීම, ඛනිජ තෙල් මිල සූත්‍රයක් පිළිබඳ නැඟෙන අදහස් , වැට් බද්දට සමාන බද්දක් යළි හඳුන්වා දීම ගැන අයවැය විවාදයේ දී නැඟෙන අදහස් පෙන්වාදිය හැකිය.

ආර්ථිකය කළමනාකරණයේ දී ආණ්ඩුව අනුගමනය කරනු ලැබුවේ බදු ආදායම් අහිමි කර ගන්නා පිළිවෙතකි. යහපාලන සමයේ පනවා තිබුණු වැට් බදු ආදිය ඉවත් කළ නමුත් එහි වාසිය පාරිභෝගිකයාට ලැබුණේ නැත. එසේම , බදු සහන නිසා ආණ්ඩුවට ආදායම ද අහිමි විය. අන්තිමට බදු සහන වලින් සිදු වූයේ ව්‍යාපාරිකයන් ගේ මඩිය තරවීම පමණි.පසුගිය දා ඉදිරිපත් කරන්නට යෙදුණු  අයවැය ලේඛනය මගින්ද ගෝඨාභය මහතා ගේ දෙවසරක කාලයේ ආර්ථිකය මෙහෙයවූ වැරදි පිළිවෙත පැහැදිලිවේ. අයවැයෙහි දැක්වෙන ආකාරයට ආදායමට වඩා අපේක්ෂිත වියදම 70% වැඩි වී ඇති නමුත් එම වියදම පියවා ගන්නා ආකාරයක් සඳහන් වන්නේ නැත. ඒ අනුව , රටේ ණය බරට රුපියල් බිලියන 1628 ක් අලුතින් එකතු වීමට නියමිතව ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසන ආකාරයට රාජ්‍ය සේවය ශ්‍රී ලංකාවට බරකි. මෙරට රාජ්‍ය සේවය පළල් කරන්නට මෑත ඉතිහාසයේ වැඩි ම දායකත්වය සැපයූවේ ද රාජපක්ෂවරුන් බව මෙහිදී සිහිපත් කළ යුතුය. පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ රාජ්‍ය සේවයට පිරිස එකතු කරනු ලැබුණේ ඇබෑර්තු අනුව හෝ අවශ්‍යතාව පරිදි නොව ඡන්ද ගොඩ තර කර ගැනීම එකම අරමුණ කරගෙනය. ගෝඨාභය රාජපක්ෂ මහතා ද ප්‍රචාරක වාසි උදෙසා  ලක්ෂ ගණනින් රැකියා  සපයමින් රාජ්‍ය සේවයේ බර ඉහළ නැංවීමට සිය දායකත්වය සැපයූ අයෙකි.

බැසිල් මහතා රාජ්‍ය  සේවය බරක්යැයි පවසන අතරම තවත් අතකින් රාජ්‍ය සේවකයන්⁣ ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරන්නට ද අයවැයෙන් යෝජනා කරයි. රාජ්‍ය සේවය බරක් නමි කළ යුතු වන්නේ විශ්‍රාම යන්නන්ට ඉඩ දී රාජ්‍ය සේවයේ පිරිස අඩු කර ගැනීමය. රාජ්‍ය ආදායමට වඩා අපේක්ෂිත වියදම 79% තිබියදීම බරක් යැයි කියන රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි දෙන්නට ද යෝජනා කරයි. එය මේ මොහොතේ කිසිදු රාජ්‍ය සේවකයකු ඉල්ලූ හෝ බලාපොරොත්තු වූ දෙයක් නොවේ. රාජ්‍ය සේවකයන් ගේ ඉල්ලීම වූයේ වැටුප් වැඩිවීමක් වුව ඒ ගැන සඳහනක් නැත.මෑත ඉතිහාසයේ රාජ්‍ය සේවක වැටුප ඉහළ නංවනු නොලැබූ එකම අයවැය ද ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ය.

විල්පත්තු වන විනාශයක් ගැන පරිසර විනාශය ගැන කිඹුල් කඳුළු හෙළමින් බලයට පැමිණි ගෝඨාභය ජනාධිපතිවරයා  පස් කැපීම් , වැලි කැණීම් , ආදිය සඳහා පැවැති සීමා බාධකද ඉවත් කරනු ලැබුවේ පරිසරයට වඩා  ඡන්ද අපේක්ෂාවට මුල්තැන දුන් බැවිනි. විල්පත්තු වන විනාශය කෙසේ වුව මේ වන විට සිංහරාජයටත් රටේ විවිධ තැන්හි කුඩා වනාන්තර වලටත් බලවත් තර්ජනයක් එල්ල වී තිබේ. මුතුරාජවෙල තෙත් බිම බේරා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ටම ආණ්ඩුවෙන් ඉල්ලන්නට සිදුව තිබේ. මෑත ඉතිහාසයේ මෙරට දරුණුතම සාගර විනාශය සිදුවූයේ ද වත්මන් ජනාධිපතිවරයා ගේ ධූර කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙනි.

ගෝඨාභය මහතා ජනාධිපති ධූරයට පත්වූ අවස්ථාවේ කැවුම් කිරිබත් කෑ පිරිසට පදවි ප්‍රාප්තියේ දෙවන වසර සැමරීමට කැවුම් පිසින්නට සීනි ⁣, පොල් තෙල් , ගෑස් නැත. කිරිබත් පිසින්නට සහල් , පොල් භූමිතෙල් නැත. එවැනි දේ සඳහා මූලිකත්වය ගන්නට පොහොට්ටුවේ නියෝජිතයන්ට ජනතාව අතරට යන්නට හැකියාවක් නැත. මෙි වන විටත් ඔවුන්ට ජනතා විරෝධය එල්ලවෙමින් පවතින නිසාය.

ගෝඨාභය මහතා ජනාධිපති ධූරයට පත්කරන්නට විදෙස් රටවල සිට පැමිණි ඡන්ද දායකයන් වෙනුවට අද දකින්නට ලැබෙන්නේ රටේ සිටියොත් අනාගතයක් නැතැයි කියමින් විදෙස් ගත වන්නට පාස්පෝට් පෝළිමේ ලගින ජනතාවය. එදා තාප්ප වල ස්වේච්ඡාවෙන් චිත්‍ර ඇඳි තරුණයාට නැවත චිත්‍ර අඳින්නට ආරාධනා කරන්න⁣ට ජනාධිපතිවරයාට සිදුවීම තුළින්ම ජනාධිපති ධූරයේ දෙවසරක ප්‍රගතිය අවබෝධ කරගත හැකිය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *