රසායනික පොහොර ගෙන්වන බව අමාත්‍යංශ ලේකම්ගේ කියද්දී ඇමති ප්‍රතික්ෂේප කරයි !

වී, බඩ ඉරිඟු සහ අතිරේක බෝග සඳහා කෘෂි රසායනික සහ ශාක පෝෂක ( පොහොර ) ගෙන්වීමට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උජිත් කේ ජයසිංහ මහතා ජනමාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශ කොට ඇතත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට ඇත්තේ එබඳු කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් රජය ගෙන නැති බවයි.

අමාත්‍යංශ ලේකම්වරයාට අනුව උසස් තත්ත්වයේ රසායනික පොහොර ගෙන්වීමට දැනටමත් අවසර දී ඇති අතර සති දෙකක් තුළ එම පොහොර ගොවීන් අතට පත් කිරීමට බලාපොරොත්තු වෙයි. මෙම තීරණය ගෙන ඇත්තේ එකොලොස් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවකින් වන අතර එම සැලැස්ම පිලිබඳ විස්තරාත්මක වාර්තාවක් ජනාධිපතිතුමා වෙත ද ලබා දී තිබේ. අලුතින් පොහොර තොග ලැබෙන තෙක් මේ වනවිට තේ සහ වැවිලි සඳහා ඇනවුම් කොට ලැබීමට නියමිත පොහොරවලින් කොටසක් අනෙක් ගොවීන් වෙත නිකුත් කොට පසුව ප්‍රති පුරණය කිරීමට තීරණය කොට ඇති බව ද කියති.

කෘෂිකර්ම ඇමතිවරයා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ එබඳු කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය වරයෙකු ලෙස සැලකෙන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා ප්‍රකාශ කොට ඇත්තේ කාබනික ප්‍රතිපත්තියේ වෙනසක් නැති නමුත් යුරියා පොහොර ගෙන්වීමට තීරණය කොට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *