චීන විෂ පොහොර නැවට මුදල් ගෙවා පිටත් කරන්න සාකච්ඡා ! අලුත් තොගයකුත් මිලට ගනියි !

ශ්‍රී ලංකාවේ ශාක සඳහා අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා ප්‍රතික්ෂේප කළ ද, මුල් ඇනවුම අනුව පැමිණ ඇති චීන පොහොර නැවට වන්දි ගෙවා ආපසු යැවීමටත් , එම සමාගමෙන් ම අලුතින් පොහොර තොගයක් මිල දී ගැනීමටත් රජය කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

මේ අනුව රජය යෝජනා කොට ඇත්තේ පොහොර නැව සඳහා එකඟ වූ මුදලින් සියයට 75 ක් ගෙවීමටය. එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන  6.7 කට සමාන ය.

එමෙන් ම එම සමාගමෙන් නැවත සාම්පල් ගෙන්වා පරීක්ෂාකොට අලුතින් පොහොර තොගයක් මිල දී ගැනීමට ද එකඟත්වයකට පැමිණෙනු ඇත.

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ප්‍රශ්නය නිසා චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දතා පලුදුවීමට ඉඩ තැබිය නොහැකි බව යි.

මෙම යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *