කෘෂි රසායන , පොහොර හදිසියේ ගෙන්වන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවසර ඉල්ලයි

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ගෙන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රජයෙන් අවසර ඉල්ලා ඇත.

රටේ දැනට පවතින තත්ත්වය සහ වගා කටයුතු සඳහා කෘෂි රසායනික හදිසි අවශ්‍යතා පිලිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත ජයසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇතැයි වාර්තා වෙයි.

රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා ගතයුතු හදිසි පියවර ගැන පෙන්වා දී ඇති එම වාර්තාව අනුව ඇතැම් කෘෂි රසායනික සහ පොහොර හදිසි ආනයනයේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන බව කියති.

තේ සහ වෙනත් වැවිලි සඳහා අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික දැනටමත් ඇනවුම් කර ඇති බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවසර ඉල්ලා ඇත්තේ වී, එළවළු සහ අතිරේක බෝග සඳහා ද කෘෂි රසායනික ආනයනය සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *