අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානමක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 

අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක පහ තුළ කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි

පසුගිය දිනවල කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මෙම දිස්ත්‍රික්ක වලිනි.

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බවත් මංගල උත්සව, පින්කම් ඇතුළු මහජන ඒකරාශි වීම් රැසක් එම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කොට ඇත.

මහජන ඒකරාශි වීම් හැකිතරම් මඟ හරින ලෙස කෙතරම් උපදෙස් ලබා දුන්නද බොහෝ දෙනා එම උපදෙස් නොතකා කටයුතු කරන බවක් පෙනී යන බවත් ඒ මහතා කීවේය.

කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ තත්ත්වය තරමක් සතුටුදායක බව සෞඛ්‍ය සේවා අංශ කියයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *