ජනාධිපති මහින්දගේ එක උද්ධච්ච තීරණයක පාඩුව බිලියන 250 ක් ඉක්මවයි

තමන්ගේ ජනාධිපති සංචාරක කණ්ඩායමේ එකසිය ගණනකට වහාම ආසන ලබා නොදුන්නැයි උරණ වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලන්කන් ගුවන සමාගමේ එමිරේට්ස් පාලනය ඉවත් කිරීමේ ප්‍රතිඵල ලෙස පාඩු ලබන්නට පටන් ගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුව මේ වනවිට බිලියන 250 ක් ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

එමිරේට්ස් සමාගමේ පාලනය යටතේ ලාභ ඉපයූ ශ්‍රී ලන්කන් සමාගම 2008 දී එම පාලනය ඉවත් වූ පසු දිගින් දිගට පාඩු ලබන්නට වීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඥාතියකු යටතට පත් කළ සමාගම දිගින් දිගට පාඩු ලැබීමට අමතරව මහා පරිමාණයේ වංචා පිලිබදව ද එයට චෝදනා එල්ල වී ය. ඒ කිසිවක් විධිමත් පරීක්ෂණ වලින් තොරව මේ වන විට යට ගසා ඇත.

බැඳුම්කර වංචාවක් ගැන යහපාලන රජයට රාජපක්ෂවරුන් විශාල චෝදනාවක් එල්ල කළ ද, එයට අදාළ මුදල වුයේ බිලියන 8.6 කි. එම මුදල ද එම රජය යටතේ ම මහා බැංකුවේ රඳවා තබාගෙන සිටි අතර මෙවර අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කීවේ අයවැය පියවීමට එම මුදල යොදා ගන්නා බව යි.

ශ්‍රී ලන්කන් සමාගමට සිදුකොට ඇති පාඩුව රුපියල් බිලියන 250 ඉක්මවා ඇති අතර එය මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ අලාභය ලෙස සඳහන් වූ බිලියන 8.6 ක මුදල මෙන් තුන්සිය ගුණයක මුදලකි.

ජනාධිපතිවරයකුගේ එක උද්ධච්ච තීරණයක් සහ ඔහුගේ ඥාතීන්ගේ හොරකම් මගින් පමණක් රටට සිදුකොට ඇති පාඩුව එතරම් විශාල ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ වන විට ඉන්ධන ලබාගැනීමේ විශාල අර්බුදයකට මෙන් ම මෙහෙයුම් සහ නැවතුම් සඳහා ගෙවීම් කිරීමට නොහැකිව බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *