ඇමෙරිකාවේ ජනාධිපති බලතල සියල්ල උප ජනාධිපතිනියට පවරයි ; එරට ජනාධිපති බලය ලබන පළමු කාන්තාව කමලා හැරිස්

ඇමෙරිකාවේ ජනාධිපති බලතල සියල්ල උප ජනාධිපතිනි කමලා හැරිස්ට තාවකාලිකව පවරා දීමට ජනාධිපති ජෝ බයිඩන් ඊයේ කටයුතු කළේ ය.

ජනාධිපතිවරයා සෞඛ්‍ය පරීක්ෂාවකට යොමුවන නිසා මෙම පියවර ගෙන තිබේ.

මෙලෙස බලය පැවරීම ඇමෙරිකාවේ සාමාන්‍ය සම්ප්‍රදායක් වුව ද මෙහි විශේෂත්වය වන්නේ ඇමෙරිකාවේ ජනාධිපති බලය හොබවන පළමු කාන්තාව ලෙස කමලා හැරිස් වාර්තා පොතට එක වීමයි.

ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවකට එම බලය හිමිවීම ද ඒ සමග සිදු වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *