ජනාධිපති ක්‍රමය දිගට ම තිබුණොත් තවත් පිස්සෙක් බලයට එන්න පුළුවන් – කුමාර වෙල්ගම

ජනාධිපති ක්‍රමය දිගට පැවතිය හොත් තවත් පිස්සෙක් බලයට පත්විය හැකි බවත්, එයට ඉඩ නොතබා සියලු පක්ෂ එකතු වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඒ සඳහා මුස්ලිම් පක්ෂ, දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ආදී සියලු පක්ෂ සම්බන්ධ කරගත යුතු බව ද ඒ මහතා  පැවසීය.

ජනාධිපති පිස්සෙකු බව දැන් ජනතාව ප්‍රසිද්ධියේ කියන බවත්, ජේ අර ජයවර්ධන මහතාට හෝ මෙතෙක් සිටි කිසිදු ජනාධිපතිවරයකුට මෙබඳු තත්ත්වයක් උදා වී නැති බවත්, ඒ මහතා කී ය.

ගොටාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන ලෙස තමා එදා ප්‍රකාශ කළ බවත්, එය පක්ෂයේ ජේස්ටයෙකුට දිය යුතුව තිබු බවත් කී ඒ මහතා එදා එය පවුලේ ප්‍රශ්නයක් කී බව ද මතක් කළේ ය.

බන්දුල ගුණවර්ධන මහතා මුදල් ඇමති තනතුර බලාපොරොත්තු වූ බවත්, ” ඔයාට ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ රාජපක්ෂ කෙනෙකුට” කියා තමා ඔහුට කී බවත්, වැඩි දුරටත් පැවසීය.

අයවැය විවාදයට සහභාගී වෙමින් කතාකළ කුමාර් වෙල්ගම මහතා සිය කතාව ආරම්භ කළේ අයවැය ගැන කියන්න දෙයක් නැති බව සහ ඒ නිසා තමා ඒ ගැන කතා නොකරන බව කියමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *