අභියෝග රැසක හිරවුණු අයවැය – ආචාර්ය නිමල් සඳරත්න

මෙවර අයවැය මෙන් වෙනත් කිසිදු අයවැයක් මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුද, ඉතා දුෂ්කර සමාජ සහ දේශපාලනික තත්ත්ව යනාදිය මධ්‍යයේ සකස් කර නැත. ලබන වසර (2022) සඳහා ඉදිරිපත් කරන අයවැය සකස් කරන ලද්දේ ඉතා දැඩි සහ දුෂ්කරතා මධ්‍යයේය. ආදායම් ශීඝ්‍රයෙන් පහත වැටීම්, වියදම් ඉහළ යෑම සහ වුවමනාවටත් වැඩියෙන් සල්ලි අච්චු ගැසීම් මධ්‍යයේ මෙවර අයවැය සකස් කරන ලදී. මෙවර ඉදිරිපත් කරන ලද අයවැය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැඩි වෙහෙසක් සහ දුෂ්කරතා රැසක් මධ්‍යයේ ඉදිරිපත් කළ අයවැයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ස්වල්ප අපේක්ෂා 

මෙවර අයවැයේ මූලිකම අරමුණ වන්නේ මෑත කාලීන වසරවලදී වාර්තා වූ රාජ්‍ය මූල්‍ය හිඟය (අයවැය හිඟය) අඩු කිරීමය. අයවැය හිඟය අඩු කරගැනීම දැවැන්ත සහ දුෂ්කර කාර්යයකි. කෙසේ නමුත් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා දෙස බැලීමේදී එම ඉලක්කය සපුරා ගනිමින් මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීමටත් ආර්ථිකය ප්‍රකෘති ස්වභාවයට ගෙන එමින් ශකිත්මත් කිරීමටත් ඇත්තේ ස්වල්ප අපේක්ෂාවකි.

ආර්ථික තත්ත්ව

ආර්ථික තත්ත්ව මීටත් වඩා බැරෑරුම් වන්නට දෙයක් නැත. විරැකියාව සහ දරිද්‍රතාව වැඩි වෙමින් තිබේ. විශාල ජනගහනයක ආහාර සුරක්ෂිතතාව තර්ජනයට ලක්වී තිබේ. වෙළෙඳ හිඟය වැඩි වෙමින් තිබෙන අතර විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකටත් අඩු අගයකට පැමිණ තිබේ. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආනයන වියදම් කිරීමට තරම්වත් සංචිත ප්‍රමාණවත් නොවේ.

සමාජ සහ දේශපාලන අර්බුද 

රට මේ වන විට සමාජ සහ දේශපාලන අර්බුද රැසකට මුහුණ දෙමින් සිටියි. ඒවායින් බොහෝමයක් නිර්මාණය වී ඇත්තේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්ව, නිසි උපදෙස් හෝ වැරැදි උපදෙස් හෝ මත ගන්නා ලද ආර්ථික තීන්දු තීරණ/ ප්‍රතිපත්ති, ආර්ථිකය අවකළමනාකරණය සහ විද්‍යාත්මක නොවන අයුරින් ප්‍රායෝගික නොවන අයුරින් හදිසියේම කාබනික කෘෂිකර්මාන්තයට මාරු වීම යනාදිය නිසාය. මේ අර්බුද මේ වසරේ ඉතිරි කාලයේදීත් 2022 වසරේදීත් තවදුරටත් උග්‍ර වනු ඇත. මේවා මඟින් දරා ගැනීමට නොහැකි තරමේ ආර්ථික සහ අයවැය/ රාජ්‍ය මූල්‍ය අර්බුද නිර්මාණය කරනු ඇත.

උග්‍ර අතට හැරුණු ප්‍රශ්න 

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර හිඟ වීම, ඒවායේ මිල ගණන් ඉහළ යෑම යනාදියට ප්‍රධාන හේතු සාධක බවට පත්ව ඇති ආර්ථික දුෂ්කරතා විශේෂයෙන්ම විදේශ සංචිතවල හිඟයයි. කෙසේ නමුත් නුසුදුසු සහ වැරැදි මුදල්, මූල්‍ය, වෙළෙඳ සහ විනිමය අනුපාත කළමනාකරණ ප්‍රතිපත්ති ඇතුළු ආර්ථික අවකළමනාකරණය අදාළ ප්‍රශ්න උග්‍ර අතට හැරීමට හේතු වී ඇති බව සඳහන් කළ යුතුය.

කාබනික කෘෂිකර්මාන්තය

හදිසියේම කාබනික කෘෂිකර්මාන්තයට මාරු වීම හේතුවෙන් බෝග නිෂ්පාදනයට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන අතර ගොවීන්ගේ ජීවනෝපාය ද අවදානමේ හෙළා ඇත. එපමණක් නොව එම හදිසි තීරණය හේතුවෙන් රට පුරා මහා පරිමාණ විරෝධතා රැල්ලක් ද නිර්මාණය වී  තිබේ.

බෝග නිෂ්පාදනය නැති නම් අස්වැන්න අඩු වීම මේ වන විට වැළැක්විය නොහැකි කරුණක් බවට පත්ව තිබෙන හෙයින් සිදුවන්නේ විදේශ මූල්‍ය තවදුරටත් නරක අතට හැරීමය. මේ නිසා ආහාර ආනයන වැඩි කිරීමට සිදුවන අතර තේ සහ රබර් අපනයන අඩු කිරීමට සිදු වේ. මෙමඟින් විදේශ මූල්‍ය අර්බුදය තවදුරටත් උත්සන්න වේ. ආහාරවල ජාත්‍යන්තර මිල ගණන් ඉහළ යෑම, ඉන්ධන මිල ගණන් සහ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම මීට විශේෂයෙන්ම හේතු වනු ඇත.

අයවැයේ සීමා 

ආර්ථිකයේ ඇති අස්ථිර ස්වභාවය නිසාත් ඒ තුළ ප්‍රමාණවත් මූල්‍ය අවකාශයක් නොමැති වීමත් නිසා මෙවර අයවැයෙන් (2022) මහජනතාවට සහන සැලසීමට අවස්ථාවක් නැත. මූල්‍ය මූලාශ්‍ර නොමැති වීම නිසා ද මහජනතාවට සහන සැලසීමට ඉඩකඩක් නොමැත. කෙසේ නමුත් ආර්ථික අත්‍යවශ්‍යතාවලට වඩා දේශපාලන වුවමනා මත ආණ්ඩුව සිය වියදම් සිදු කරනු ඇති බවක් පෙනෙන්නට තිබේ.

වියදම් ඥානාන්විතව කළ යුතු මොහොතක ආණ්ඩුව කරන වියදම් සහ වියදම් වැඩි කිරීම සාධාරණීයකරණය කළ නොහැකි බව ද සඳහන් කළ යුතුය. දැනටමත් විශාල අගයක පවතින ආරක්ෂක වියදම් ලබන වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයෙන් සියයට 21කින් වැඩි කර තිබේ. මෙම විමධ්‍යගත අයවැය වෙන් කිරීම් කර ඇත්තේ ද ජනප්‍රිය සහයෝගය වැඩි කරගැනීමටය.

ඒ හා සංසන්දනය කිරීමේදී අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල ප්‍රමාණවත් නොවේ. වියදම්වලට ප්‍රමුඛතාව දීමේදී රටේ සංවර්ධන අවශ්‍යතා සැලකිල්ලට ගෙන කටයුතු කළ යුතුය.

අයවැය වියදම්

විසර්ජන පනත් කෙටුම්පතින් ලබන වසරේ වියදම් රුපියල් බිලියන 20 සිට රුපියල් 4ක් දක්වා අඩු කර තිබේ. මෙය කර ඇත්තේ බොහෝ අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් අඩු කිරීමෙනි. කෙසේ නමුත් ආරක්ෂාව වෙනුවෙන් කර තිබෙන මූල්‍ය වෙන් කිරීම් 2021 වසරට වඩා සියයට 21කින් වැඩි වී තිබේ.

සෞඛ්‍යයට කර තිබෙන වියදම් මිලියන හතකින් වැඩි වී තිබෙන අතර, අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම් රුපියල් මිලියන හයකින් අඩු වී තිබේ. ප්‍රාග්ධන වියදම් අඩු කිරීමෙන් රාජ්‍ය වියදම් අඩු කර තිබේ. කෙසේ නමුත් ග්‍රාමීය යටිතල පහසුකම් වෙනුවෙන් කරන වියදම් අඩු කර නොමැත.

අයවැය හිඟ 

ඉකුත් වසරේදී (2020) දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස අයවැය සියයට 14ක් දක්වා ඉහළ ගියේය. කෙසේ නමුත් විවිධ හැසිරවීම් මඟින් දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය සියයට 11ක් දක්වා අඩු කිරීමට සමත්ව ඇත. මේ වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 15ක් වනු ඇතැයි ගණන් බලා ඇත.

බරපතළ ප්‍රශ්නය

මේ අයවැයෙන් පිළිතුරු දිය යුතු බරපතළම ප්‍රශ්නය වන මෑත වසරවලදී වාර්තා වූ ඉහළ අයවැය හිඟය අඩු කරගැනීමය. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතක හෝ අගයක් දක්වා ගෙන ඒම දැවැන්ත සහ අභියෝගාත්මක කාර්යයකි. විශේෂයෙන්ම දැනට තිබෙන දැඩි වියදම් ව්‍යුහය සහ ආර්ථිකයේ දැන් පවතින තත්ත්වය නිසා එසේ කිරීම අතිශය දුෂ්කරය. අනෙක් අතට ආර්ථිකය වර්තමානයේ තිබෙන තත්ත්වය හේතුවෙන් ආදායම් එකතු කිරීම වැඩි කිරීම ද දුෂ්කරය.

අයවැය ඉලක්ක 

කෙසේ නමුත් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට පහක අගයක් දක්වා ගෙන එන බවට ප්‍රධාන පෙළේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශ නිකුත් කර ඇත. මෙවර අයවැයෙන් වේගයෙන් වැඩි වෙමින් තිබෙන අයවැය හිඟය සැලකිය යුතු අගයක් දක්වා අඩු කරගැනීමට පියවර ගන්නා බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙවර අයවැය “සාම්ප්‍රදායික නොවන” අයවැයක් බවට ඔවුන් පෙන්වා දී ඇත. මෙවර අයවැයේ පරිවර්තනීය වෙනස ලෙස ආදායම් එකතු කිරීම වැඩි කිරීම ලෙස බලාපොරොත්තු තබා ඇත. “අපි අයවැය හිඟය සැලකිය යුතු අගයකින් අඩු කරන්න සැලසුම් කර තිබෙනවා” යැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පැවැසීය. ඉහළ අයවැය හිඟයක් පවත්වාගෙන යෑම රජයේ ෆිස්කල් ප්‍රතිපත්තියට පටහැනි බව ද හෙතෙම කීය.

සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කරන මුදල්වලට බාධාවක් නොකර අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, ඒ අතරවාරයේදී අයවැයෙන් අනවශ්‍ය වියදම් කපා හරින බවත් ආටිගල මහතා කීවේය.

“අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5-5ත් අතරට ගෙන ඒම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. ආණ්ඩුවේ වියදම් පවත්වාගෙන යමින් සහ සංවර්ධන කටයුතු සිදු කරමින් අයවැය හිඟය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමේ මාර්ගයට අපි පිවිසෙමින් ඉන්නවා” යැයි ආටිගල මහතා කීය.

ආදායම් වැඩි කරගැනීම

ලබන වසර (2022) සඳහා ඉදිරිපත් කරන ලද අයවැයෙන් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ළඟා කරගැනීමට අපේක්ෂා කරන්නේ වියදම් කපා හැරීමෙන් නොව ආදායම් වැඩි කිරීමේ උපායමාර්ගයකිනි. ආදායම් වැඩි කරගැනීමේ යෝජනා මොනවාදැයි සහ ආදායම් වැඩි කිරීමට අදාළ යෝජනා කොතරම් ප්‍රායෝගික ද/ යථාර්ථවාදී ද ඒවායින් අයවැය හිඟය අඩු කරන්නේ කෙසේදැයි දැනගැනීමට අපට බලා සිටීමට සිදු වේ.

නිගමනය

රට හමුවේ ඇති මූලධාර්මික ප්‍රශ්නය රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයි. එය විසඳා ගැනීමෙන් තොරව ආර්ථිකය ස්ථාවර නොවේ. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඇති කර ආර්ථිකය ස්ථාවර කිරීමට නම් නාස්තිකාර සහ ඵලදායී නොවන වියදම් කපා හැර ආදායම් වැඩි කරගැනීම සඳහා ක්‍රමවේද සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ.

අවසාන වශයෙන් ගිලා බැස ඇති ආර්ථිකය බේරාගත හැක්කේ දූරදර්ශ ආර්ථික සහ විද්‍යාත්මක උපදෙස් සහිත දේශපාලන ධෛර්යය ඇති දූෂිත නැති ආණ්ඩුවකට පමණි.

ආචාර්ය නිමල් සඳරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *