බොරතෙල් ආනයනයට වඩා ඉන්ධන ආනයනය ලාභ දායකයි – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල


 

ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.  

බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් තිබුණ ද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුවීම හේතුවෙන් රුපියල් 15 ක පමණ ලාභයක් ඇති බව කී අමාත්‍යවරයා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේදී බැරයකට ඩොලර් 93.65 ක් ද, එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197 ක් හෙවත් දෙගුණයකටත් වැඩි මුදලක් වැය වන බව ද සඳහන් කළේය.

පිරිපහදුවෙන් ඉතිරි වන දැවි තෙල් සහ නැප්තා වර්තමානයේ භාවිතයට නොගන්නා නිසා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය වඩාත් ලාභදායි බව කී අමත්‍යාවරයා පැවසුවේ බොරතෙල් පිරිපහදුවේදී දැවි තෙල් සහ නැප්තා සියයට 37 ක් ඉතිරි වන බවයි.

පවතින අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය දැවි තෙල් සහ නැප්තා මිලදී නොගැනීම නිසා ටොන් 13,500 ක් ටැංකිවල එකතු වී ඇති බවත් පිරිපහදුව යල්පැන ගිය එකක් වීම නිසා බොරතෙල් බැරලයකින් පෙට්‍රල් සියයට 14 ක් සහ ඩීසල් සියයට 29 ක් පමණක් නිෂ්පාදනය කළ හැකි බවත් අමාත්‍යවරයා කීය.

පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් නිෂ්පාදනයට බොරතෙල් බැරල් 2.32 අවශ්‍ය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඩීසල් බැරලයක් ඩොලර් 93 ක් සහ පෙට්‍රල් බැරලයක් ඩොලර් 95 ක් වන බවයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

යොහාන් භාසුර

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *