ආයෝජන ආපසු හරවන දේශප්‍රේමය – හර්ෂ ගුණසේන

ඉකුත්දා යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ඇමෙරිකානු නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම එළැඹුණු ගිවිසුමට එරෙහිව රජයට හවුල් වූ පක්‍ෂ එකොළහක්, ලංවිම වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති එක්ව විරෝධතාවක් දියත් කරනු ලැබුවේය. නිව් ෆෝට්‍රස් එනර්ජි යනු 2014 දී ආරම්භ කරනු ලැබූ ස්වභාවික ද්‍රව වායු (LNG) සැකසුම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන සමාගමකි.

රජයට සහයෝගය දුන් පක්‍ෂ එකොළහ, රජයට එරෙහි මෙම විරෝධතා පැවැත්වූයේ මහජන මන්ත්‍රණ සභාව (මමස) යන බැනරය යටතේය. මහජන මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධියට පත් වූයේ, මහින්ද රාජපක්‍ෂගේ පාලනය පැවති සමයේ සැබෑ ජන සහභාගීත්වයක් තිබුණ කාලයේය.

මෙගා වොට් 300ක ධාරිතාවකින් යුතු යුගදනවි බලාගාරය ඉදිකරනු ලැබුවේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් විසිනි. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ලංවිම සහ ස්කෝට්ලන්ත බෝනාර් ලෝන්ග් සමඟ ඒකාබද්ධව එම කර්තව්‍ය ඉටු කළේය. භාණ්ඩාගාරයට අයත් වෙස්ට් කෝස්ට් පවර් ලිමිටඩ් සමාගමට එහි සියයට 51ක අයිතිය හිමිය. සේවක අර්ථසාධක අරමුදලට සියයට 27ක හිමිකමකුත් LECO සමාගමට සියයට 18ක අයිතියකුත්, ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට එහි සියයට 4ක හිමිකමකුත් පවතී. යුගදනවි බලාගාරය 2010 දී ඉදිකිරීම් කටයුතු නිමා කරන විට එය ස්වභාවික ද්‍රව වායුවලින් ධාවනය කරන අභිප්‍රායෙන් ඉදි කරනු ලැබූ අතර, ස්වභාවික ද්‍රව වායුවලින් ධාවනය කරනතුරු ඒ අතර කාලය තුළ පමණක් ඩීසල්වලින් ධාවනය කිරීමට බලාපොරොත්තු වූයේය.

යුගදනවි බලාගාරය 2010 දී ඉදිකිරීම් කටයුතු නිමා කරන විට එය ස්වභාවික ද්‍රව වායුවලින් ධාවනය කරන අභිප්‍රායෙන් ඉදි කරනු ලැබූ අතර, ස්වභාවික ද්‍රව වායුවලින් ධාවනය කරනතුරු ඒ අතර කාලය තුළ පමණක් ඩීසල්වලින් ධාවනය කිරීමට බලාපොරොත්තු වූයේය. 

ඩීසල්වලට වඩා ස්වභාවික ද්‍රව වායුවලින් ධාවනය කිරීමේ වාසි බොහෝය. ස්වාභාවික ද්‍රව වායු (LNG) දහන කාර්යක්‍ෂමතාවෙන් ඉතා වැඩිය. ෆොසිල ඉන්ධන අතුරින් ඉහළම බලශක්තිය අන්තර්ගතව ඇත්තේ ස්වභාවික ද්‍රව වායුවලය. ඒවා දහනය වීමේදී පිරිසුදු බව වැඩි වනුයේ කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු නිකුත් වීම අවම නිසාය.

අනෙකුත් ඉන්ධනවලට වැය කරන මිලම වියදම්කොට ස්වභාවික ද්‍රව වායුවලින් වැඩි බලශක්තියක් උත්පාදනය කරගත හැකි වීම නිසා ආර්ථික අතින් ලාබදායී වේ. ඒවා ප්‍රවාහනය කළ යුත්තේ සෙ. අංශක -160ක උෂ්ණත්වයේ රඳවාගෙනයි. මේවා ප්‍රවාහනය උදෙසා ඊටම විශේෂිත ගබඩා පහසුකම් ඇති නෞකා තිබිය යුතුය.

නිව් ෆෝට්‍රස් එනර්ජි (NFE) සමග ගිවිසුම

රජය නිව් ෆෝට්‍රස් සමාගම සමඟ ගිවිසුමට එළැඹියේ ජූලි මාසයේය. එය මධ්‍යම රාත්‍රියේ අත්සන් කරනු ලැබුවේ නිසි පරිදි කැබිනට් ඇමැතිවරුන්ගේ අනුමැතිය නොලබාය. එම ගිවිසුමට අනුව නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම විසින් මුහුදේ පාවෙන ස්වභාවික ද්‍රව වායු ගබඩාවක් ඉදිකිරීමත්, එතැන් සිට යුගදනවි බලාගාරය දක්වා ස්වභාවික ද්‍රව වායු පරිවහනය කරන නළ මාර්ගයක් ඉදිකිරීමත් කළයුතුය. ඊට ප්‍රතිචාර ලෙස රජය අනිවාර්යයෙන් වසරකට ස්වභාවික ද්‍රව වායු BTU ඒකක (British Thermal Units) ට්‍රිලියන 35ක් මිලදී ගත යුතුය. එම ප්‍රමාණය යම් හෙයකින් මිලදී නොගත්තේ වුවද ඊට අදාළ මිල රජය විසින් ගෙවිය යුතුය.

යුගදනවි බලාගාරයේ ධාරිතාව BTU (ඒකක) ට්‍රිලියන 15ක් පමණකි. එම නිසා භාවිත නොකරන අමතර BTU ට්‍රිලියන 20කට රජය මුදල් ගෙවිය යුතුය. වසරකට සාමාන්‍යයෙන් පරිහරණයට නොගන්නා එකී වායු ප්‍රමාණය සඳහා වැයවෙන සාමාන්‍ය වියදම ඩොලර් මිලියන 215ක් පමණ වේ. දැනට ඉදිවෙමින් පවතින කෙරවලපිටියේ නව බලාගාරයේ ඉදිකිරීම් සම්පූර්ණ වුවද රජයට භාවිත නොකරන BTU ප්‍රමාණයක් වෙනුවෙන් ඩොලර් මිලියන 90ක් පමණ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ගෙවීමට සිදුවේ.

මෙම මිලදී ගත යුතු අවම ස්වභාවික ද්‍රව වායු BTU ප්‍රමාණය ස්ථාවර ලෙස මිලදී ගත යුතු වනුයේ එසේ නොකළහොත් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පාවෙන ගබඩාව පවත්වාගෙන යාම හා නළ පද්ධතිය ඉදිකිරීම ආර්ථික වශයෙන් ලාභදායී නොවීම නිසාය.

එම නිසා මෙරටට සිදුවන පාඩුව අවම කරගනු වස් රජය තවත් අමතර නළ මාර්ගයක් කැලණි තිස්ස දක්වා ඉදි කළ යුතුය. ඊට අමතරව තද වැසි පවතින කාලවලදී ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් යුතුව ධාවනය වෙන නිසා ස්වභාවික ද්‍රව වායු බලාගාරවලින් ලබාගන්නා ප්‍රමාණය ද අඩු කර ගත යුතු වන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නවතාලිය නොහැකි නිසාය.

එසේම යුගදනවි බලාගාරයේ වෙස්ට් කෝස්ට් පවර් ලිමිටඩ් හට අයත් සියයට 40ක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි වෙත ඩො. මිලියන 250කට විකිණීමටද රජය එකඟ වූයේය. මෙම ගිවිසුම අත්සන් කරන විටත් ලංවිම, පාවෙන ද්‍රව වායු ගබඩාවක් සහ නළ මාර්ගයක් ඉදිකිරීම උදෙසා ටෙන්ඩර් කැඳවා තිබිණි.

ඊනියා දේශප්‍රේමීන් සහ ලංවිම වෘත්තීය සමිති පළමු කොටම විරුද්ධ වන්නේ මෙම සියයට 40 විකිණීමටය. ටෙන්ඩර් පරිපාටිය යටතේ කොම්පැනියක් තෝරා ගත්තේ වුවද, ස්වභාවික ද්‍රව වායු සැපයීමේ ඒකාධිකාරිය එම කොම්පැනියට පැවරීමට සිදුවේ. පාවෙන බලාගාර කිහිපයක් තබා ගැනීමේ හැකියාව මෙරටට නොතිබීම ඊට හේතුවයි. මෙම සමාගම චීන සමාගමක් වූයේ නම් ඇතැම් විට මෙම දේශප්‍රේමීන් ඊට එකඟවන්නට ඉඩ තිබිණි. ඔවුන්ගේ ගැටලුව වන්නේ ඇමරිකානු සමාගමක් ස්වාභාවික ද්‍රව වායු සැපයීමේ ඒකාධිකාරිය හිමි කර ගැනීමයි.

කෙසේ වුවද එතැන ඇති සැබෑ ගැටලුව සියයට 40ක කොටස් හෝ ස්වාභාවික ද්‍රව වායු ඒකාධිකාරිය නම් ෆෝට්‍රස් එනර්ජි සමාගමට හිමිකර දීම නොව, රටට අවශ්‍ය නොවන ස්වභාවික ද්‍රව වායු (LNG) ප්‍රමාණයක් බලෙන් ඇඟේ ගැසීම සඳහා වූ අවාසිදායක කොන්දේසියකට යටත් වීමයි. අතිරික්ත ස්වභාවික ද්‍රව වායු ප්‍රමාණය පරිහරණයට ගත හැකි වන අයුරින් කැලණි තිස්ස බලාගාරය වෙත සැපයීම් කටයුතු වර්ධනය කර ගත හොත් එවිට එම ගිවිසුම වාසිදායක බවට පත්කර ගත හැකිය.

ටෙන්ඩර් පරිපාටිය අනුගමනය නොකිරීමත්, කැබිනට් මණ්ඩලය වෙත දැනුම් නොදීමත් එහිදී සිදුවූ ප්‍රධාන දෝෂ වේ. මීට පෙර වරාය නගරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්‍ෂන් කොම්පැනි ලිමිටඩ් ඉදිරිපත් කළ ලන්සුවකට 2013දී කැමැත්තෙන්ම ප්‍රදානය කිරීමේ පදනම මත දෙන්නට සිදුවිය. ඉන් අනතුරුව එවකට පැවති රජය, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිනොපැද අනෙකුත් උනන්දුව දක්වන පාර්ශ්වවලින් ව්‍යාපෘතිය සඳහා ලන්සු කැඳවූයේ මුල් යෝජකයාට කටයුතු ආරම්භ කිරීමේ අයිතිය පවරන අතරතුරේය.

මෙම ගැටලුවට ඒ කාලයේදී ප්‍රමාණවත් විරෝධයක් එම ගිවිසුමට එරෙහි වූවන් වෙතින් එල්ල නොවූයේ එවකට මූලික විරෝධය පරිසර ගැටලු මූලික කරගෙන පැන නැගුණු නිසාය. කෙසේ වුවද එක් අවස්ථාවක වැරදි පරිපාටිය අනුගමනය කිරීම තවත් අවස්ථාවක එසේ කිරීම මගින් යුක්ති සහගත වන්නේ නැත.

වැරැදි දේශප්‍රේමය

විශේෂයෙන් මෙවැනි අදියරක පවත්වාගෙන යන ආර්ථිකයකදී මේ ආකාරයේ අමන දේශප්‍රේමයකට වැඩි ප්‍රමුඛතාවක් දීම අනතුරුදායකය. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කොටස්වලින් සියයට 50කට අඩු ප්‍රමාණයක් රජය, ඉන්දීය හා ජපාන සමාගම් දෙකකට ඉන් පෙර පැවති රජයේ ගිවිසුමකට අනුව පවරා දීමට උත්සාහ කරන අවස්ථාවේ. කොළඹ අන්තර්ජාතික බහාලුම් පර්යන්තයේ (CICT) සියයට 85ක් පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් චීන කොම්පැනියකට පවරා දෙද්දී කරබාගෙන සිටි වෘත්තීය සමිති, බරපතළ විරෝධයක් පෑවෝය.

එහි ප්‍රතිඵලයක් ලෙස රජය බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 85ක් (50% ද ඉක්මවා යමින්) ඉන්දීය සමාගමකට පැවරුවේය. ඊට වෘත්තීය සමිති කර බාගෙන එකඟ විය. දැන් නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉදිකරන්නට අරමුදල් නොමැතිව ආණ්ඩුවට ළත වෙන්නට සිදුවී තිබේ. මෙවරද රජය ගිවිසුම හකුළා නොගතහොත් තමන් තදබල වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ලංවිම වෘත්තීය සමිති තර්ජනය කරති.

රජය රසායනික පොහොර තහනම් කරමින් අතිශය වැරදි සහගත තීරණයකට එළඹුණු විට මෙම සහායක පක්‍ෂ 11 බකන්නිලාගෙන සිටියෝය. ජනාධිපතිවරයා තම තීරණය එක්සත් ජාතීන් ඉදිරියේත් අනතුරුව එ.ජා.ගේ දේශගුණ විපර්යාස සමුළුව ඉදිරියේත් කියා පෑවේය. එම මූලික තීරණයෙන් පසුව තවත් දැඩි තීරණ කිහිපයක්ම ගනු ලැබුවේය.

දැන් රජය ප්‍රමිතියකින් තොර කාබනික පොහොර සපයන ප්‍රශ්නගත චීන සමාගම සමඟ අවුලක පැටලී ලිහාගන්නට කතනමින් සිටී. චීන තානාපති කාර්යාලය අපගේ නීති පද්ධතියටත්, බැංකු ක්‍රමයටත් එරෙහිව යටිකූට්ටු ක්‍රියා කරන්නට යත්න දරමින් සිටී. එය අපගේ ස්වෛරීතාවයට මැදිහත් වන්නට උත්සාහ දැරීමක් වන අතර ඒ සම්බන්ධයෙන් හවුල් පක්‍ෂ එකොළහට කිසිදු ආරෝවක් නැත.

1957 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන අනුගමනය කළ ක්‍රියාමාර්ගයට ප්‍රධාන විපක්‍ෂය අවතීර්ණය විය යුතු නොවේ. බණ්ඩාරනායක බලයට පත්වූයේ සිංහල බෞද්ධ මතධාරීන්ගේ කර මතිනි. ඔහු එම කාර්යය කළේ බලයට පත්වීම සඳහා පමණකි.

සිංහල පමණක් පනතේ නරක අතුරු විපාක තේරුම් ගැනීමෙන් පසුව එය සමනය කර ගැනීම සඳහා ඔහු බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළේය. ජේ.ආර්. ඊට විරුද්ධ වූයේ තමා බලයට පත් වීමේදී අනුගමනය කළ මූලධර්මය මත පිහිටා බණ්ඩාරනායක ඒවා අනුගමනය කළ යුතුය යන තර්කයේ පිහිටාය. එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර පාගමනත්, බෞද්ධ භික්‍ෂූන්ගේ වෙනත් විරෝධයනුත් සිදුවූ නිසා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමිණි. එම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් 30 අවුරුද්දක් පුරා පැවති දීර්ඝ යුද්ධයට අපි මුහුණ නොදෙන්නෙමු.

පෞද්ගලිකකරණය

මෙම වර්තමාන ආණ්ඩුව බලයට පත් වූයේ කිසිදු රාජ්‍ය දේපළක් පෞද්ගලිකකරණය නොකරන බවට මහජනතාවට බොරු පොරොන්දු දෙමින්ය. දැන් මහපොළව මත සිදුවන යථාර්ථයට මුහුණ දෙන්නට සිදු වී ඔවුහු තම පොරොන්දුවලට එරෙහිව කටයුතු කරති. කෙසේ වුවද ස.ජ.බ. සහ එ.ජා.ප, රජයේ දේපළ පෞද්ගලීකරණය කිරීමේ තම මූලධර්මවල පිහිටා සිටිය යුතුය. රජයකට තම පොරොන්දු ඉටු කිරීමට බලකිරීමට වඩා දිගු කාලීන ආර්ථික වාසි රටට ලැබීම වැදගත්ය.

චන්ද්‍රිකා කුමාරතුංග සමයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමේ යහපත් ඵල ප්‍රයෝජන අපි දැන් ලබමින් සිටිමු. එය කදිම නිදර්ශනයකි. එම නිසා 1957 දී ජේ.ආර්. අනුගමනය කළ ක්‍රියාමාර්ගය ප්‍රධාන විපක්‍ෂ අනුගමනය නොකළ යුතු වේ.

ශ්‍රී ලාංකීය, චින්තනයට පැරණි වාමවාදීන්ගේ සහ ව්‍යාජ දේශප්‍රේමීත්වයේ අදහස් දැඩිව බලපා තිබේ. විශේෂයෙන් ව්‍යාජ ආර්ථික දේශප්‍රේමී ප්‍රලාප ඊට මුල්වී ඇත. වෘත්තීය සමිති තම රැකියා සුරක්‍ෂිතභාවය සලකා ව්‍යාජ ආර්ථික දේශප්‍රේමීත්වයට මුවා වෙමින් කටයුතු කරති. එයින් සිදු වන්නේ දැවැන්ත රාජ්‍ය අංශයේ අකාර්යක්‍ෂමතාව වර්ධනය වී මහජන දේපළ අකර්මන්‍ය බවට පත්වීමයි. එය ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථිකය වනසා දමන්නට අනිවාර්යයෙන්ම හේතු වනු නියතය.

හර්ෂ ගුණසේන

2021 නොවැ. 08 දා Daily FT පුවත්පතේ පළවූ Yugadanavi Power Plant and Economic Patriotism – ලිපියේ පරිවර්තනය  සමන් පුෂ්ප ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *