පුදුම සහගත නඩු තීන්දුව අද යළි විභාගයට

අලි පැටියා හොරකමට සම්බන්ධ යැයි සැකකරන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ උසාවියට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සී. අයි. ඩි. ය. දැණුම් දීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්විමට පෙර බැඳුම්කර මත හොර අලි, චූදිතයින්ට නැවත ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහින් පිළපිටිය මැයි 18 දුන් තීන්දුව අද එනම් මැයි 21 යළි සළකා බැලීමට නියමිත බව වාර්තා වේ.
මැයි 18 වෙනි දින නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වන තුරු තීන්දුක් නොදෙන ලෙස රහස් පොලිසිය උසාවියෙන් ඉල්ලා ඇතත් කොන්දේසි සහිතව අර කී තීන්දුව ලබා දී තිබේ. මේ පිළිබඳව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගෙන් විමසූ විට යුක්තියට දැණගන්නට ලැබුණේ දික්කසාද නඩුවක් වැනි නඩුවක දි එවැනි තීන්දුවක් දියහැක නමුත් අපරාධ නඩුවක දී අනික් පාර්ශවයේ කරුණු දැක්වීමකින් තොරව එවැනි තීන්දුවක් මහේස්ත්‍රාත්වරයෙකුට දිය නොහැකි බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *