අදත් කොවිඩ් මරණ 18 ක් ; නව ආසාදිතයින් 720 ක්

කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 18 ක් රජය අද දිනයේ තහවුරු කළේ ය.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,034 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 720 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 552,993 ක් වශයෙනි.

මේ අතර එන්නත් දෙකක් ලබාගෙන ඇති , වයස අවුරුදු 60 ඉක්මවුවන්ට තෙවැනි එන්නතක් ලබා දීම හෙට සිට අරඹන බව රජය නිවේදනය කොට ඇත.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් , අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මෙම එන්නත් ලබා දීම මුලින් ම සිදු කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *