මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවයි ; අද 21 යි

රජය අද දිනයේ ද කොවිඩ් ආසාදිත මරණ 21 ක් වාර්තා කිරීමත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවා ගියේ ය.

මේ වන විට මෙරට කොවිඩ් මරණ  සංඛ්‍යාව සටහන් වන්නේ 14,016 ක් වශයෙනි.

නව කොවිඩ් ආසාදිතයින් 731 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගත් බව ද රජය නිවේදනය කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගී සංඛ්‍යාව සටහන් වන්නේ 552,273 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *