සපුගස්කන්දේ වැඩිපුර පිරිපහදු කරන්නේ අනවශ්‍ය තෙල් ; වසා දැම්මේ ඒකයි – බල ශක්ති ඇමති උදය ගම්මන්පිල

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩි වශයෙන් නිපදවන්නේ දැවිතෙල්, නැප්තා , ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල් වැනි මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය නොවන ඉන්ධන වර්ග බවත්, එබැවින් ඒ සඳහා බොරතෙල් ගෙන්වීම නතර කොට එම විදේශ විනිමය යොදාගෙන පෙට්‍රල්, ඩීසල් ,ඖෂධ ,අත්‍යවශ්‍ය ආහාර සහ ගෑස් ආනයනය කිරීම සඳහා පිරිපහදුව තාවකාලිකව වසා දැමු බවත් , බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.

” සපුගස්කන්ද පිරිපහදුවේ සියයට 37 ක් නිපදවන්නේ දැවිතෙල් සහ නැප්තා , සියයට 19 ක් ගුවන්යානා ඉන්ධන සහ භූමිතෙල්,. පෙට්‍රල් සහ ඩීසල් නිපදවන්නේ සියයට 43 යි ” ඒ මහතා පැවසීය.

රටේ පවතින විදේශ විනිමය හිගය නිසා බොරතෙල් ආනයනය නතර කොට එම මුදලින් අත්‍යවශ්‍ය වෙනත් ද්‍රව්‍ය ආනයනය කිරීමට තීරණය කළ බව ඇමතිවරයා කියයි.

සපුගස්කන්ද පිරිපහදුව වසන්නේ උපරිම වශයෙන් දින 50 කට බව ද ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *