අද අපිට කියලා මොකක් වත් නෑ – ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස  රාජපක්ෂ

මැතිවරණ කාලසීමාවේදී වේදිකාවේ තමන් ඇතුළු පක්ෂය එක බිම් අඟලක් හෝ කිසිවෙකුට නොදෙන බවට පොරොන්දු වුවද මේ වනවිට සියල්ල විකිණෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස  රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා.

අපි පහුගිය මැතිවරණ දෙකේදී උගුර ලේ රහ හැදෙනකන් කෑ ගැහුවා අපි හම්බන්තොට ආපහු ගන්නවා, අපි එක බිම් අඟලක්වත් කාටවත් දෙන්නේ නැහැ කියලා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවත් රට දෙවනුවත් රට තුන්වනුවත් රට කියලා පපුවට ගහලා මහපොළොව ඉම්බා. අද එතුමාගේත් හද කම්පා කරනවා ඇති. අද අපිටෙයි කියලා මොකක් වත් නෑ ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා.”

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *