ආණ්ඩුවේ කැරලිකරුවන්ගේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 ක කැරලිකාර කණ්ඩායමේ රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවත්, එය තීරණාත්මක එකක් වියහැකි බවත් තතු දත් දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ නිවසේ දී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ දී අයවැය සම්බන්ධයෙන් ගන්නා  ස්ථාවරය මෙන් ම මෙම කණ්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද තීරණය කරනු ඇති බව කියති.

ආණ්ඩුව රටට කරමින් සිටින විනාශය හමුවේ තවදුරටත් ආණ්ඩුවේ රැදී නොසිට ඉවත්විය යුතු බව ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක මතය වී ඇතැයි වාර්තා වන අතර තවත් පිරිසක් කියන්නේ යම් විකල්ප ක්‍රියාමාර්ගයක් සමග තීන්දුවක් ගත යුතු බව යැයි දැනගන්නට ඇත.

අයවැය සම්බන්ධ ක්‍රියාමාර්ගයක් මගින් විකල්ප වැඩ පිළිවෙළක් ගැන හෙට සාකච්ඡාවේ දී අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *