සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නැතිව මසකට වසා දමයි

පිරිපහදු කිරීමට බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට වසා දැමීමට තීරණය කර ඇති බවත් එය ලබන මස අවසන් සතිය පමණ වන තෙක් වසා දැමීමට සිදුවනු ඇති බවත්  සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරීහු පවසති.

පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් නිසි කලට බොරතෙල් මිල දී ගත නොහැකි වීම මෙසේ පිරිපහදුව වසා දැමීමට හේතු වී ඇති අතර ලබන මස තෙවැනි සතියේ මීළඟ තෙල් නව පැමිණෙන තෙක් පිරිපහදුවේ කටයුතු කළ නොහැකි වංඋඅ ඇතැයි කියති.

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වේ.

පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ප්‍රකාශ කොට ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *