විශේෂ අපරාධකරුවන්ට සමාව දෙද්දී ‘ එක රටක් එක නීතියක් ‘ කොහේ ද ? – ඇමති සුසිල් ප්‍රේමජයන්ත

අධිකරණයෙන් දඩුවම් ලැබූ ඇතැම් අපරාධකරුවන්ට සමාව ලැබෙද්දී තවත් අයට සමාව නොලැබෙන විට ‘එක රටක් එක නීතියක්’ කොහේදැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රශ්න කරයි.

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය පිළිබඳව මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා කීවේ මේ රටේ නීති දිගු කලක් ක්‍රියාත්මක වන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලික නීතිය බවත්, අපරාධ නීතිය අනෙක් ප්‍රධාන නීතිය බවත් කී ඒ මහතා අද පවතින අපරාධ නීතිය හඳුන්වා දුන්නේ 1885 දී සුද්දන් විසින් බවත්, නොයෙක් වෙනස් කම් සහිතව එය අද දක්වා පැවතුනු බවත් ප්‍රකාශ කළේ ය.

එක රටක් එක නීතියක් වීමට අධිකරණය ඉදිරියේ සියලු දෙනා සමානයන් විය යුතු බවත්, ඇතැම් අපරාධකරුවන්ට පමණක් සමාව හිමිවන විට එක නීතියක් නැතිවන බවත්, පෙන්වා දුන් ප්‍රේමජයන්ත මහතා එක රටක් එක නීතියක් පටන්ගත යුත්තේ එතනින් බව ද පැවසුහ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට දඩුවම් ලබා සිටි දුමින්ද සිල්වා මහතාට සහ උතුරේ මිනිස් ඝාතනයකට දඩුවම් ලබා සිටි හමුදා නිලධාරියකුට පසුගිය කාලයේ ජනාධිපති සමාව දී නිදහස් කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබිණි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *