කොළඹ සරසවි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අයවැයට එරෙහිව කට අරිති ! ආංඩුවේ අයට ජනතාව ගහලා පන්නනු ඇති බව කියති

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පසුගියදා පත්කරනු ලැබූ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රජයේ මෙවර අයවැය ලේඛනය කිසි වැඩකට නැති පතෝල අයවැයක් බව අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළහ.

අයවැය එන්නට කලින් ම රජය සහල්, සීනි, කිරිපිටි ආදී සියලු භාණ්ඩවල මිල වැඩිකළ බවත්, ජනතාවට භාණ්ඩ ලබා ගැනීමට පෝලිම්වල සිටින්නට සිදු වූ බවත්, උන් වහන්සේ පෙන්වා දුන්හ.

තමන් සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් තනතුරු දී තමන්ගේ කට වැසීමට නොහැකි බවත් පැවසු උන්වහන්සේ පෙන්වා දෙන්නේ මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැය අසාර්ථක පතෝල අයවැයක් බව සහ ජනතාවට ඉන් ලැබුනු දෙයක් නැති බවත්ය.

වත්මන් පාලනය යටතේ නැවතත් සිරිමාවෝ යුගයේ තිබුණු පෝලිම් යුගයට රට ගෙන ගොස් ඇති බවද එහිමියෝ කියා සිටියහ.

ජනතාවට වසර දෙකක් යාමට පෙර ආණ්ඩුව එපා වී ඇති බවත්, මෙහෙම ගියොත් ජනතාව ආණ්ඩුවේ අයට ගමට එන්න නොදී ගහලා පන්නනු ඇති බවත්, උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *