අයවැය පියවා නැහැ ; හිගය සියයට 70 යි ; ණය බර තවත් රුපියල් බිලියන 1628 කින් ඉහළට

මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට 2022 අයවැය ලේඛනය ඉදිරිපත් කළ නමුත් අයවැය හිගය පියවා ගන්නා ආකාරය ගැන කිසිවක් සඳහන් නොකළ බවත්, වසරේ ආදායමට වඩා  අපේක්ෂිත වියදම සියයයට 70 කට වඩා වැඩි බවත් නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මුදල් ඇමතිවරයා අයවැය මගින් වියදම් යෝජනා සහ ආදායම් යෝජනා ඉදිරිපත් කළ ද අයවැය හිගය පියවන ආකාරය පිළිබඳව හෝ අයවැය තුලනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඊයේ බෙදා දුන් මුද්‍රිත අයවැය කතාවේ ද ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොවේ.

අවසන් අයවැය තත්ත්වය අනුව රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2284 ක් වන විට වියදම රුපියල් බිලියන 3918 කි. අයවැය හිගය රුපියල් බිලියන 1628 ක් වෙයි. ඒ අනුව අයවැය හිගය අදායමට වඩා සියයට 71.28 ක් වැඩි ය. මෙම මුදල සපයා ගන්නා  ආකාරයක් මුදල් ඇමතිවරයා කීවේ නැත.

මෙහි ප්‍රතිඵලය නම් රුපියල් බිලියන 1628 ක් තවත් ණයක් රටේ ණය බරට එක් වීම බව නිරෙක්ෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව මෙය රට තව තවත් ණය කරන අයවැය ලේඛනයකි.

මුදල් ඇමතිවරයා මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කළේ අතීතයේ ආණ්ඩු රට ණය කිරීම ගැන දෝෂාරෝපණය කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *