කොවිඩ් මරණ 23 ක් , නව ආසාදිතයින් 723 ක් වාර්තා වෙයි.

අද දිනය තුළ රජය තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 23 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ යයි.

නව කොවිඩ් ආසාදිතයින් 723 දෙනෙකු අද දිනය තුළ හඳුනාගත් බව රජය නිවේදනය කොට ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 548,748 ක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *