ඉන්ධන මිල සුත්‍රයක් ඕනෑ – මහ බැංකුව කියයි.

ලෝක වෙළෙඳ පොළේ ඉහළ යන ඉන්ධන මිල ගණන් අනුව දේශීය මිල සංශෝධනය නිතිපතා  සිදුකළ හැකි වන පරිදි ඉන්ධන මිල සුත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මහා බැංකුව අලුත් ම සමාලෝචන  වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

දැනට ලෝක වෙළෙඳ පොළේ පවතින ඉන්ධන මිල අනුව දේශීය මිල සංශෝධනයක් ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරි කාලයේ ඉන්ධන මිල තවත් ඉහළ යා හැකි බැවින් ඒ අනුව මිල නියම කිරීමේ සුත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් මහා බැංකුව කියයි.

පසුගිය රජය කාලයේ ඉන්ධන මිල සුත්‍රයක් ක්‍රියාත්මක කොට තිබු අතර වත්මන් රජය එය අත්හැර දමන ලද්දේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල විශාල ලෙස පහළ වැටී තිබිය දී ය. එම අඩු මිලෙහි වාසිය දේශීය පාරිභෝගිකයාට ලබා නොදීම සඳහා මිල සුත්‍රය අතහැර දමනු ලැබී ය.

දැන් මහ බැංකුව යළි මිල සුත්‍රයක් ඉල්ලා සිටින්නේ මිල ඉහළ දැමීම් ක්ෂණිකව සිදු කිරීම සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *