පාස්කු ප්‍රහාරය වන විට බුද්ධි අංශවල කඩාවැටීමක් තිබු බව අප පිළිගත යුතුයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාව වනවිට මෙරට බුද්ධි අංශවල පැහැදිලි කඩාවැටීමක් සිදුව තිබු බව තමන් පිළිගන්නා බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේ ය.

ප්‍රහාරය ගැන ඉන්දියානු බුද්ධි අංශවලින් අප්‍රේල් 4 දා ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක නොවුයේ අයි ද යන්න ප්‍රශ්නයක් බවත්, අඩු තරමේ එවකට අග්‍රාමාත්‍ය වූ තමන්ට වත් එමතොරතුර දැනුම් නොදුන් බවත්, ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ප්‍රහාරයෙන් පසුව ද එයට සම්බන්ධ අනෙක් පිරිස් ඇත අඩංගුවට ගත්තේ සී අයි ඩී ය සහ අනෙක් පොලිස් සේවා මිස බුද්ධි අංශ විසින් නොවන බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා හෙළි කළේ ය.

ඔහු පෙන්වා දෙන්නේ එසේ වුයේ මන්දැයි සොයා බැලිය යුතු බවය.

ඉන්දියාවෙන් මේ තොරතුරු ලැබුණාට පස්සේ 4 වනදා ඉඳන් මොකක් ද කළේ කියන එක මටවත් කිව්වේ නෑ. බෝම්බ පිපිරුණාට පස්සේ ඒ වැරදිකරුවන්  අල්ලගන්න සාමාන්‍ය පොලීසියයි CID එකයි දාන්න වුණා. ඒගොල්ලො තමයි ප්‍රධාන කරුණු අරගෙන කළේ. බුද්ධි අංශය නෙමෙයි. කඩාවැටීම අපි පිළිගන්න ඕනේ. ඒ කඩාවැටීම ගැන හොයන්න ඕනේ.” වික්‍රමසිංහ මහතා කී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *