සන්ධානයේ ආණ්ඩුවක් හදන්න කුමන්ත්‍රණයක් !

එජාප/ශ්‍රිලනිප ප්‍රධාන වත්මන් සන්ධාන ආණ්ඩුව ඉවත්කර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රම්‍රඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීට ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් කුමන්ත්‍රණයක යෙදී සිටින බව යුක්තියට වාර්තාවේ.
ඩිලාන් පෙරේරා ඇමතිවරයා ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මේ කුමන්ත්‍රණයේ පියවරක් ලෙස එජාපයෙන් මන්ත්‍රීවරු බා ගැනීමේ උත්සහායක නිරතවී සිටින බව වැඩි දුරටත් දැනගන්නට ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරුන් බා ගන්නට දරණ මේ තැත අගමැති රනිල් වික්‍රමසිංහට ද දැනගන්නට ලැබී ඇති අතර මේ පිළිබඳව අගමැතිවරයා ජනාධිපතිවරයාට ද දැණුම් දී ඇති බව කියැවේ.
ඩිලාන් පෙරේරාගේ නායකත්වයෙන් දියත් වී ඇති මේ කුමන්ත්‍රණයට ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායමේ සම්බන්ධයක් ඇති ද යන්න පිළිබඳව දැනගන්නට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *