එකොළොස් දෙනාගේ කල්ලිය – අනුර සූරියබණ්ඩාර 

විමල් , උදය  වාසු ඇතුළු ආණ්ඩුවේ සහායක  පක්ෂ 11ක් පසුගිය දා මහජන මන්ත්‍රණ සභාව යන නමින් රැස්වීමක් සංවිධානය කරමින් කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය සම්බන්ධ ආණ්ඩුවේ තීරණයට විරෝධය පළ කරන බව ප්‍රකාශ ක⁣ළහ.

එහිදී වේගවත් කතාවක් කරමින් අමාත්‍ය විමල් වීරවංශ කියා තිබුණේ,ජන වරමට පස්ස පෑ එකාගේ පස්ස රිදෙන්න ගහනවා කියාය.

” ජන මතයට පස්ස පෑ එකා ” යන්නෙන් විමල් අදහස් කරන්නේ එල් එන් ජී ගිවිසුම පිළිබඳ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ තැනැත්තා එනම් , බැසිල් රාජපක්ෂ ය. ප්‍රශ්නය ජනමතයට පස්ස පා ඇත්තේ බැසිල් පමණක්ද යන්නය. කැබිනට් මණ්ඩලයේ තීරණ වලට වගකිව යුතු කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන තැනැත්තා පමණක් නොවේ. කැබිනට් මණ්ඩලය සාමූහිකව ඒවාට වගකිව යුතුවේ. එවැනි තත්ත්වයක් තුළ ජනමතයට පස්ස පා ඇත්තේ බැසිල් පමණක් නොවේ සමස්ත කැබිනට් මණ්ඩලයයි. ගහනවා නම් ගැසිය යුත්තේ කැබිනට් මණ්ඩලයේම පස්ස රිදෙන්නටය. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති වන බැවින් ඔහුටත් පස්ස රිදෙන්නට ගහන්න⁣ට සිදුවනු ඇත. අගමැති සම්බන්ධයෙන් ද කිව යුතු එයමය. ප්‍රශ්නය එකොළොස් දෙනා සැරසෙන්නේ එක් අයකුට පමණක් පස්ස රිදෙන්නට ගැසීමට වීමය. විමල් ගේ කතාවත් ලොහාන්ගේ ඉල්ලා අස්වීමත් දෙකම සමානය.

ප්‍රශ්නය බැසිල් බව මදකට සිතමු. 19වන සංශෝධනය පැවතියේ නම් බැසිල් ඇමැතිකමේ නැත. බැසිල්ට මුදල් ඇමැති වන්නට පාර කැපුණේ 20වන සංශෝධනය හරහාය. ද්විත්ව පුරවැසියනට පාර්ලිමේන්තුව තහනම් කෙරෙන වගන්තියක් 20ට ඇතුළත් නොවූ අවස්ථාවේ ද මේ පිරිස මේ ආකාරයෙන්ම කලබල කළහ. අන්තිමට කීවේ , ජනාධිපති සංවේදී වූ බවය. මාස හයක් ඇතුළත ද්විත්ව පුරවැසි තහනම සහිත නව ව්‍යවස්ථාවක් ගෙනෙන්න⁣ට පොරොන්දු වූ බවය. අන්තිමට සිදුවූයේ බසිල් පාර්ලිමේන්තු⁣වට පැමිණීමෙන් නොනැවතී මුදල් ඇමතිත් වීමය. බැසිල් පාර්ලිමේන්තු ආ මොහොතේ සහ මුදල් ඇමැති ධූරයේ වැඩ බාර ගනිද්දී එකොළහේ කණ්ඩායම හැසිරු⁣ණේ තිත්ත කසාය බිව් ගොළුවන් මෙනි. මාස හයකින් දෙනවා කීවාය කී අලුත් ව්‍යවස්ථාව ආණ්ඩුවට වසර දෙකක් පිරෙද්දීත් නැත. එකොළොස් දෙනාගේ කල්ලියට දැන් ඒ ගැන මතකයක්  ඇති බවක් වත් නොපෙනේ. සියල්ලටම පෙර එකොළහේ කල්ලිය 20ට අත ඉස්සුවාට තම තමන්ගේ පස්ස⁣ට ගසා ගත යුතුය.

ඊළඟ ප්‍රශ්නය ආණ්ඩුවේ එකම ප්‍රශ්නය එල් එන් ජී පමණක් ද යන්නය. එකොළොස් දෙනාගේ කල්ලිය හැසිරෙන ආකාරය අනුව, කොළඹ නගරයේ සහ ත්‍රිකුණාමලයේ ඉඩම් විකිණීම ජනමතයට පස්ස හැරවීමක් නොවේ. යහ පාලන ආණ්ඩුව රාජ්‍ය දේපළ විකුණනවාය කියමින් රාජපක්ෂලාට පාර කැපූ ඔවුන් හරි ආකාර ටෙන්ඩර් පටිපාටියකින් පවා තොරව සිදු කෙරෙන රාජ්‍ය දේපළ විකිණීම සම්බන්ධයෙන් නිහඬය. ජනතාව 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගන්නට නම් ඒවා විකිණීම ජනමතයට පස්ස පෑමකි. එල් එන් ජී බලාගාරයට මෙන්ම කොළඹ සහ ත්‍රිකුණාමලයේ ඉඩම් විකිණීමටත් විරුද්ධ විය යුතුය.

අමෙරිකාවට , ඉන්දියාවට දීම පමණක් නොව ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමේ දී කළ වංචා , නැනෝ නයිට්‍රිජන් ගනුදෙනුව සිදුව ඇති ආකාරය , සීනි බදු වංචාව ආදියත් ජන මතයට පිටුපෑම්ය.  නමුත් ඒවාට 11 කල්ලියේ විරුද්ධත්වයක් නැත.

අමෙරිකාවට , ඉන්දියාවට දීම පමණක් නොව ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමේ දී කළ වංචා , නැනෝ නයිට්‍රිජන් ගනුදෙනුව සිදුව ඇති ආකාරය , සීනි බදු වංචාව ආදියත් ජන මතයට පිටුපෑම්ය.  නමුත් ඒවාට 11 කල්ලියේ විරුද්ධත්වයක් නැත.

යහ පාලන සමයේ විමල්ලා නිතර මන්ත්‍රයක් මෙන් මැතිරූ වචනයක් වූයේ රටේ ස්වෛරීත්වය යන්නය. දැන් චීනය විෂ සහිත කාබනික පොහොර ලංකාවේ ඇඟේ ගසන්නට උත්සාහ කරනවා පමණක් නොව ඇමැතිවරුත් තානාපති කාර්යාලයට කැඳවයි. බැංකු අසාධු ලේඛන ගත කරන බවට තර්ජනය කරයි. ඒවා පැහැදිලි ලෙසම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම් හෙවත් ස්වාධීනත්වයට ස්වෛරීත්වයට තර්ජන එල්ල කිරීම්ය. නමුත් එකොළහේ කල්ලිය ඒගැන කතා කරන්නේ නැත.

එක රටක් එක නීතියක් කියමින් බලයට පැමිණ දුමින්ද සිල්වා නිදහස් කිරීම , අධිකරණයට අපහාස කළ ගලගොඩඅත්තේ එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපතිධූරයට පත්කිරීම ආදියත් ජන මතයට පස්ස හැරවීමකි. බැසිල්ට මෙන්ම ඉහත කී දේ කළ තැනැත්තාටත් පස්ස රිදෙන්නට ගැසිය යුතු වුවත් එකොළොස් දෙනාගේ කල්ලිය ඊට සූදානම් බවක් පෙනෙන්නට නැත.

එක රටක් එක නීතියක් කියමින් බලයට පැමිණ දුමින්ද සිල්වා නිදහස් කිරීම , අධිකරණයට අපහාස කළ ගලගොඩඅත්තේ එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපතිධූරයට පත්කිරීම ආදියත් ජන මතයට පස්ස හැරවීමකි. බැසිල්ට මෙන්ම ඉහත කී දේ කළ තැනැත්තාටත් පස්ස රිදෙන්නට ගැසිය යුතු වුවත් එකොළොස් දෙනාගේ කල්ලිය ඊට සූදානම් බවක් පෙනෙන්නට නැත. 

විසි වන සංශෝධනය අවස්ථාවේ මේ පිරිස කළේ බොරු සද්දයක් දමා තීරණාත්මක අවස්ථාවේ  නැවත හකුලාගෙන ආණ්ඩුව සමඟ හිටගැනීමය. එනම් , 20ට පක්ෂව අත් ඉස්සීමය. මෙවර එල් එන් ජී ප්‍රශ්නයේදී ජනාධිපති 20 සංශෝධනය අවස්ථාවටත් වඩා සංවේදී වන්නටත් ඉඩ තිබේ. මන්ද , බැසිල් ගෙනෙනවාටත් වඩා උග්‍ර ඩොලර් හිඟයකට ආණ්ඩුව මුහුණදී සිටින බැවිනි. එහෙයින් 20 දී හැසිරුණු ලෙසටම එල් එන් ජී ප්‍රශ්නයේදීත් විමල්ලා ගෙන් බලාපොරොත්තු විය යුත්තේ අවසන් මොහොතේ නැට්ට හකුලාගෙන යළි ආණ්ඩුවට යාමය.  මෙය වනාහී ලඟ එන මැතවරණ වලදී තම ජන්ද ප්‍රමාණය යම් තරමකින් හෝ ආරක්ෂා කර ගැනීමේ කපටි සූත්තරයක් මිස දේශප්‍රේමය නොවන බව ජනතාව වටහා ගත යුතුය  .

20 දී හැසිරුණු ලෙසටම එල් එන් ජී ප්‍රශ්නයේදීත් විමල්ලා ගෙන් බලාපොරොත්තු විය යුත්තේ අවසන් මොහොතේ නැට්ට හකුලාගෙන යළි ආණ්ඩුවට යාමය.  මෙය වනාහී ලඟ එන මැතවරණ වලදී තම ජන්ද ප්‍රමාණය යම් තරමකින් හෝ ආරක්ෂා කර ගැනීමේ කපටි සූත්තරයක් මිස දේශප්‍රේමය නොවන බව ජනතාව වටහා ගත යුතුය  .

 අනුර සූරියබණ්ඩාර

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *