යුගදනවි ගිවිසුම ගැන ඇමති විමල් වීරවංශ ශ්‍රේෂ්ටාධිකරණයේ සාක්ෂි දෙන කතාව බොරුවක්

යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆොට්‍රෙස් එනර්ජි සමාගමට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් විභාගයේ දී ඇමති විමල් වීරවංශ මහතා සාක්ෂි දීමට සුදානමින් සිටින බවට ගෙනයන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බව තතු දත් නීතිඥයෝ කියති.

එලෙස සාක්ෂි ලබාගැනීමේ ක්‍රමයක් ශ්‍රේෂ්ටාධිකරණයේ නැති බවත්, සාක්ෂි විමසීම් කෙරෙන්නේ පහළ උසාවිවල පමණක් බවත්, එබැවින් ඇතැම් වෘත්තීය සමිති නායකයින් කියන පරිදි විමල් වීරවංශ ඇමතිවරයා සාක්ෂියට කැඳවීමේ හැකියාවක් නැති බවත් එම නීතිඥයෝ පෙන්වා දෙති.

ඕනෑ ම අධිකරණයක සාක්ෂි දීමට තමා සුදානම් බව විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, එසේ සාක්ෂි විමසන නඩු කටයුත්තක් අධිකරණය ඉදිරියේ නැත. තිබෙන පෙත්සම් විභාග වන්නේ ලිඛිත කරුණු දැක්වීම් සහ දේශන මගිනි.

එබැවින් විමල් වීරවංශ ඇමතිවරයා ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙන්නට සුදානමින් සිටින බවට කෙරෙන ප්‍රකාශ කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රචාරක කටයුත්තක් පමණක් බව තතු දත් නීතිඥයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *