“ගෝඨා-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන වහා පරීක්ෂණ අරඹන්න’’ – එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයට පවසන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි  ජයසේකර මහතා මෑතකදීත් මාධ්‍ය හමුවේ කියා තිබූ බව කී පාලිත රංගෙ බණ්ඩාර මහතා කුමන්ත්‍රණයක් තිබුණා යැයි  කතා කරමින් නොසිට ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නේ නැත්තේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

අදාල කුමන්ත්‍රණයට ගොදුරු වීමට සිටි බව කියන දෙදෙනාම අද මෙන්ම එදාත් විධායක ජනාධිපතිවරුන් වන හෙයින් පරීක්ෂණ සඳහා කිසිම බාධාවක් නැතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *