සතොසේ බාල බඩු විකුණන්න හාල්, සීනි ඇමක් !

රජයට හිතවත් ජාවාරම්කරුවන් විසින් සතොස ආයතනයට ලබාදෙන ප්‍රමිතියෙන් තොර බඩු විකුණා ගැනීමට හාල් සහ සීනි ඇමක් ලෙස යොදා ගැනීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කරයි.

ඒ මහතා කියන්නේ සතොසෙන් අඩු මිලට ලබා දෙන සහල් සහ සීනි ලබා ගැනීම සඳහා වෙනත් භාණ්ඩ පහක්වත් මිල දී ගැනීම කොන්දේසියක් බව යි. එහි තේරුම නම් සහල් සහ සීනි සඳහා පාරිභෝගිකයාට ලබා දෙන සහනය වෙනත් භාණ්ඩ හරහා ආපසු ලබා ගන්නා බව යි.

සිය ව්‍යාපාරික හිතවතුන් අතයට ගනුදෙනු යටතේ සතොසට ලබාදෙන නොවිකිණෙන භාණ්ඩ විකුණා ගැනීමට පසුගිය කාලයේ භාවිතා  කළ එක ක්‍රමයක් නම් සහන මලු ලෙස හඳුන්වා කළ ජාවාරම යි. එමගින් ද කළේ, පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩ සමග ප්‍රමිතියෙන් තොර බාල බඩු එක මල්ලක දමා පාරිභෝගිකයාගේ ඇඟේ ගැසීම යි.

දැන් සිදුකර ඇත්තේ හාල් , සීනි ගැනීමට වෙනත් බඩු ගතයුතු බවට කොන්දේසි පනවා පාරිභෝගිකයා ගසා කෑම යි.

තම හිතවත් ජාවාරම්කරුවන් සපයන බාල බඩු සතොස මගින් පාරිභෝගිකයාගේ ඇඟේ ගහන්නේ ඒ ආකාරයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *