“හාල් නැත්නම් මුං ඇට කාපල්ලා” – ඇමති චමල් රාජපක්ෂ ( හාල් කිලෝව රු: 150/= යි , මුං ඇට කිලෝව රු: 750/= යි )

හාල් හිගයක් දැනටත් රටේ පවතින බවත්, එබැවින් මහජනයා මුං ඇට, කවුපි, මඤ්ෙඤාක්කා ආදිය කෑමට හුරුවන ලෙසත්, ඇමති චමල් රාජපක්ෂ මහතා මහනුවර මහා මළුවේ දී පෙරේදා ප්‍රකාශ කළේ ය. තම ප්‍රදේශයේ විශාල මුන් අස්වැන්නක් ලැබී ඇති බවත්, රජය ඒවා මිල දී ගන්නා බවත්, ඇමතිවරයා වැඩි දුරටත් කී ය.

හාල් හිගය නිසා රුපියල් 150 කට සහල් මිල දී ගත නොහැකි ජනයාට ඇමතිවරයා කියන්නේ කිලෝවක් රුපියල් 750 ක් දක්වා මිල ඉහළ ගොස් ඇති මුන් ඇට කන්නට ය. නැතහොත් කිලෝව රුපියල් 650 කට කවුපි කන්නට ය.

හාල් කිලෝවකින් හය දෙනෙකුට වේලක් කෑ හැකි නමුත් මුන් හෝ කවුපි කිලෝවක් ප්‍රමාණවත් වන්නේ තුන් දෙනෙකුට හෝ හතර දෙනෙකුට ය.

මඤ්ෙඤාක්කා කිලෝවක් දැන් අලෙවි වන්නේ රුපියල් 120 – 160 අතර මිල ගණන් වලට ය. එය ද කිලෝවක් සෑහෙන්නේ තුන් දෙනෙකුට ය.

තිස්සමහාරාමයේ විශාල මුන් අස්වැන්න විකුණාගත නොහැකිව ගොවීන් අසරණ වී ඇත්තේ ඉහළ මිලක් තිබුණ ද ඒ මිලට මුන් ගන්න කෙනෙක් නැති නිසා ය. ඒ මිලට මුන් කන්න සාමාන්‍ය ජනයාට බැරි ය. රජ පවුලට ඒ බව තේරෙන්නේ නැත.

විකුණාගත නොහැකි තිස්ස මුන් අස්වැන්න දැන් රජය මිලට ගන්නේ කිලෝව රුපියල් 525 කට ය. එය ද සහල් කිලෝ හතරක මිලකි.

“පාන් නැත්නම් කේක් කාපල්ලා” කීවේ ප්‍රංශ රජ පවුලේ සාමාජිකාවකි.

මෙරට රජ පවුලේ කියමන ” හාල් නැත්නම් මුන් කාපල්ලා” යන්නයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *