එක රටක් එක නීතියක් ගැසට්ටුව අහෝසි කරන්නැයි කතෝලික රදගුරු සමුළුවත් ඉල්ලයි

 

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම එමගින් විවේචනය කොට ඇත.

මෙම ගැසට් නිවේදනය අහෝසි කළ යුතු බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ඒ තුලින් සියලු ප්‍රජාවන් නීතිය ඉදිරියේ සමානත්වයෙන් සැලකීම සහතික කළ යුතු බවත්, කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *