‘එක රටක් , එක නීතියක්‘ ජනාධිපති කාර්ය සාධක බලකාය අහෝසි කරන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි

එක රටක් ,එක නීතියක් සඳහා පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය වහා ම අහෝසි කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනයේ මෙසේ  සඳහන් ය.

එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනයේ බලය ඇතුළුව, ‘එක රටක්, එක නීතියක් ‘ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ බලය පවරමින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන්,  අලුතින්  ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය දැඩි ලෙස කම්පනයට සහ කැළඹීමට පත් වෙයි. පෙර නොවූ විරු ආර්ථික දුෂ්කරතා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අවුල් ලෙහෙන අවස්ථාවක මෙම කාර්ය සාධක මණ්ඩලය පත්කිරීම මගින්, කාර්ය සාධක බලකා මගින් ආණ්ඩු කිරීමේ සංස්කෘතිය ශක්තිමත් කිරීම, ආගමික සුළුතරයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සහ ප්‍රහාරවලට සම්බන්ධ භේදකාරී බෞද්ධ භික්ෂුවක් ප්‍රවර්ධනය කිරීම, ඇතුළු ප්‍රශ්න රාශියක් මතු කරන අතර මේ සියල්ල මගින් මුක්තිය මුල් බැස ගනියි.

2019 ජනාධිපතිවරණ සමයේ සහ ඒ දක්වා වූ කාලයේ පුළුල් ලෙස භාවිතා කළ ‘එක රටක් , එක නීතියක් ‘ යන වාක්‍ය ඛණ්ඩය තුළ ඉතා විශේෂිත බහුත්වවාදී අර්ථ දැක්වීමක් අඩංගු බව සහ එය කිසිදු ආකාරයකින් සමානත්වය සහ නීතිය යටතේ සමාන ආරක්ෂාව සඳහා වුවමනාව ප්‍රකාශ නොකරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැඩි දුරටත් සටහන් කරයි. ඒ වෙනුවට, මෙම යෙදුම ප්‍රවර්ධකයින් කරන්නේ, ශ්‍රී ලංකාව සුළුතරයන්ට වාසිදායක වූ “ එක නීති පද්ධතියක් “ මගින් පාලනය වූ බව කියන ව්‍යාජ කාලයක් පිලිබඳ බොරු ආඛ්‍යානයක් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය සහ නීති පද්ධතිය සිතා මතා විකෘති කිරීම යි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලින් හෝ  සහතික කොට ඇති මානව හිමිකම් ප්‍රමිතීන් සමග නොගැළපෙන පෞද්ගලික නීති අංග ඇතුළු බොහෝ අංග ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ  ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සැලකිල්ලට ගනියි. මෙම නීති එම මානව හිමිකම් බැඳීම් සමග ගැළපෙන ලෙස සකස් කිරීමේ බරපතළ උත්සහයක් සඳහා, එසේ කිරීමේ සුපිළිපන් බව සහ හැකියාව සහිත තැනැත්තන් විසින් මෙහෙයවනු ලබන, සත්‍ය වශයෙන් ම නියෝජනාත්මක සහ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් අවශ්‍ය වෙයි. මෙම කාර්ය සාධක බලකාය එබඳු අව්‍යාජ සහ ඇතුළත් කර ගැනීමේ ප්‍රවේශයකට ප්‍රතිවිරෝධී වන අතර එයට අදාළ ගැසට් නිවේදනය වහා ම අහෝසි කරන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි

පවතින ආයතන සහ යාන්ත්‍රණ අභිබවා යමින්, 2020 සිට ස්ථාපිත කළ තාවකාලික ව්‍යුහ රාශියක් මත ආණ්ඩුවේ රඳා පැවැත්ම පිළිබඳව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මීට පෙර කනස්සල්ල පළ කළේ ය. මෙම කාර්ය සාධක බලකායේ අපැහැදිලි ලෙස සඳහන් කාර්ය නියමය මගින් විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් බිය ශක්තිමත් කරන අතර ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එහි බලපෑම සම්බන්ධයෙන් තවත් කරදරකාරී ප්‍රශ්න මතුකරයි.

තව ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සටහන් කරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් යනු, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වාර්ගික ජාතිකවාදී වාචාලකම් සහ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව දිය නොහැකි ප්‍රධානියකු බව සහ ඔහු පිළිබඳව කිසිදු ස්වාධීන පරීක්ෂණයක් හෝ ඔහු වගවීමට යටත් කිරීමට කිසිදු පියවරක් හෝ ගෙන නැති බව යි.

එමෙන් ම, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා බිය ගැන්වීම සහ රජයේ නීතිඥ වයරයකුට අපහාස කිරීමේ ඔහුගේ නොහික්මුණු ක්‍රියා සම්බන්ධයෙන් හාමුදුරුවන් අධිකරණයට අපහාස කිරීමට වැරදිකරු වීම ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය සම්බන්ධයෙන් ඔහුගේ සම්පුර්ණ නොතකා හැරීම පිලිබඳ ලකුණකි. නීතියේ පාලනයට තවත් පහරක් වූ 2019 දී හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරනු ලැබී ය.

මෙබඳු තැනැත්තකුට කුමන හෝ ඉඩක් ලබා දීම ආණ්ඩුකරණයේ මුලික විනීතභාවයට නිර්ලජ්ජිත සමච්චල් කිරීමක් සහ ඉතාමත් භේදකාරී රාජ්‍ය ප්‍රතිපත්තිවල පැහැදිලි දර්ශකයක් බවට  වන අපගේ විශ්වාසය අපි නැවත අවධාරණය කරන්නෙමු. ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ පමණක් නොව ආණ්ඩුකරණයේ කිසිදු කාර්යයක් ඉටු කිරීමට ඔහු සම්පුර්ණයෙන් ම නුසුදුස්සෙකි. එබැවින් වර්තමාන ක්‍රියාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරුද්ධ විය යුතු ය.

මෙබඳු ක්‍රියා වහාම නතර කිරීමට නොහැකියාව හෝ නොකැමැත්ත හෝ මගින් සිදු වන්නේ ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකිකයන්ට අතිශය භයානක ප්‍රතිවිපාක ඇති කරමින්, ආණ්ඩුවේ සහ ආණ්ඩුකරණයේ පිටුපසින් සිදුවන හමුදාකරණයත්  සමග බහුත්වවාදී අධිකාරීවාදයක් කරා ශ්‍රී ලංකාවේ ගරා වැටීම වේගවත් කිරීම පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *