තමලිනි යුනිෆෝම් ඇඳගෙන පැය 2 1/2 ක් ” ට්‍රෝජන් කාන්තාවෝ ” බැලුවා – සිනමා හා නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක.

අපගේ අරගල ක‍්‍රමය වැරදි බව මගේ දෑස් ඉදිරිපිට අත්දැකීමෙන් දුටුවෙමු. ජනතාව විනාශ වූ පසු මේ දෙශය කාවෙනුවෙන් ද?

එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායිකා තමිළිනී ජෙයක්කුමාරන් විසින් ද්‍රවිඩ බසින් ලියන ලද, ස්වාමිනාදන් විමල් විසින් සිංහලට පරිවර්තනය කරන ලද, ධර්මසිරි බණ්ඩාරනායක විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘තියුණු අසිපතක සෙවණ යට’ කෘතියේ එන ඉහත සඳහන් කොටස, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක විසින්  උපුටා දක්වන ලද්දේ එම පොත දොරට වැඞීමේ උළෙලේ දී

එම කෘතිය දොරට වැඞීමේ උත්සවයේ දී සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක විසින් කරන ලද කතාව කියවන්න…..
මෙම පොත පළකිරීමට තීරණය කළ නිසා, පසුගිය මාසයක පමණ කාල පරිච්ෙඡ්දයක් තුළ, කුණුබක්කිවල තියන ඒවා අරගෙන, මට දමා ගහනවා මම විවිධාකාර මාධ්‍යයයන් මාර්ගයෙන් දැක්කා. තමන්ට කරන්න බැරි වැඬේ තව කෙනෙක් කරනකොට පහරදෙන ජාතියක තමයි මම උපත ලබලා තියෙන්නෙ. ඒ ප‍්‍රහාර මට අලූත්දේවල් උනේ නැහැ. ‘උඹව මරණවා’ කියලා මහසොහොන් බලකාය විසින් එවන ලද ලියුම් අතේ තියාගෙන තමයි අපි පසුගිය කාලේ යුද්ධයට විරුද්ධව හඬ නැ`ගුවේ. අපි හඬනැ`ගුවෙ දේශපාලන වේදිකාවල්වල නෙමෙයි, නාට්‍ය කලාවෙන්, සිනමා කලාව ඇතුළු අපි සිටින කලා මාධ්‍යවලින් ජනතාවට මේ ඇමතුම කරන්න මම උත්සාහ කළා. ඒ උත්සාහ කරන කොට බොහෝ අය ඇහුවෙ ‘ඇයි මෙහෙ ඉඳගෙන මේක කරන්නෙ? උතුරට ගිහිල්ලා මේක කරන්නෙ නැත්තෙ ඇයි?’ කියල. අපි උතුරට ගියා. උතුරට ගිහිල්ලා අපි අපේ නාට්‍යය පෙන්නුවා. එම නාට්‍ය පෙන්නපු එක අවස්ථාවක් මගෙ මතකයට එනවා. ස්වාමිනාදන් විමල් සහෝදරයා පළමුවතාවට මම අඳුරගත්තෙ පළවෙනිවතාවට මගෙ ට්‍රෝජන් කාන්තාවො නාට්‍යය 2003 වසරෙ යුද්ධය පවතිත්දි, සාම සාකච්ඡුා පවත්වන අවස්ථාවේ, ඒ හිඩැස අපි පාවිච්චි කරලා යාපනයේදී පෙන්වපු අවස්ථාවකදි.

මගේ මතකයට එනවා, අපි ට්‍රෝජන් කාන්තාවො යාපනේ  පාසලක පෙන්නනකොට, ‘තියුණු අසිපතක සෙවණ යට’ ලියන ලද, තමිළිනී කියන දේශපාලන අංශ නායිකාව, කැමලාෆ් යුනිෆෝම් එකක් ඇඳගෙන,  තුවක්කුවක් අතේ නැතිව, ඉස්සරහ පෙළේ පුටුවක වාඩි වෙලා, නාට්‍ය දිහා පැය 2 2/1 ක්. බලාගෙන හිටිය. මම ස්වාමිනාදන් විමල් සහෝදරයගෙන් ඇහුවා, ‘කවුද එයා?’ කියල. එතකොට තමයි දැනගත්තෙ දේශපාලන අංශ නායිකා තමළිනි කියල. මම දන්නෑ නාට්‍ය තුළින් කුමන හෝ වෙනසක් ඇය තුළ ඇතිවුනාද කියල.
ඊට පසුව මනමේ සහ ට්‍රෝජන් කාන්තාවො දෙකම අපි ප‍්‍රදර්ශනය කෙරුවා ත‍්‍රිකුණාමලේ දී. ඒක එල්.ටී.ටී.ඊ. සංවිධානෙ සංස්කෘතික උළෙලක්. එම අත්සවේ කොඩිය ඉස්සුවෙ තමිළිනී කියලා යාන්තම් මගේ මතකයේ තියෙනව. අපි ඒ අවස්ථාවන් අපතෙ හැරියෙ නැහැ. අපි හැකිතාක් දුරට දෙමළ ජනතාව සමග ඔවුන්ගෙ රසික ඥානය වර්ධනය කිරීමට අවස්ථාවක් සොයමින් ඒ ප‍්‍රදේශවලට එල්.ටී.ටී.ඊ මුර පොළවල්වලින් ඇතුල්වෙලා, ඔවුන්ට ආමන්ත‍්‍රණය කරන්න උත්සාහ කළා. ඒ කිසිම උත්සාහයක් වැරදුනේ නෑ. අදටත් ජීවතුන් අතර ඉන්නවද කියල හොයන දෙමළ සහෝදරවරුන්, දෙමළ කලාකරුවන් අපේ සහෝදර කලාකරුවන්ටත් එකතු කරල දුන්නා. ඒක තමයි අපි ලබපු ජයග‍්‍රහණය.

තනි මනුස්සයෙක් ආණ්ඩුවක් නෙමෙයි. හැබැයි ආණ්ඩුවක් පෙරළන්න තනිමිනිහෙකුටත් පුලූවන්. හිතන්න එපා තනිමිනිහෙකුට එහෙම බෑ කියල. තනි මනුස්සයෙක් බවට පත් වෙලා තමයි මේ සත්කාරය කරන්න මට සිද්ධ වුනේ. මේ පරිවර්තන කාරණයේදී මගේ ඉල්ලීම ඉටු කළ ස්වාමිනාදන් විමල් සහෝදරයාට මේ වෙනුවෙන් එක රුපියලක් ගෙවල නෑ.

අපිට එල්.ටී.ටී.ඊ. පච්චය අවුරුදු ගාණක් තිස්සෙ කොටල තියෙනව. ඒ පච්චෙ කොටපු එවුන් වෙනුවෙන් අපි අනුකම්පා කරනව. නමුත් ඒ අයට අද සිද්ධවෙලා තියනවා, තමන් හිටපු තැනින් වෙනස් වෙන්න. වෙනස් වීමට මනුස්සයෙකුට අයිතියක් තියෙනව. රසාස්වාදන ශක්තියෙන් මනුස්සයෙක් වර්ධනය වෙනකොට මනුස්සයෙක් වෙනස් වෙනව. වයසට යනකොට මනුස්සයෙක් වෙනස් වෙනව. අත්දැකීම් සහිත වෙනකොට මනුස්සයෙක් වෙනස් වෙනව. ඒ සමාජ වටිනාකම ලබා ගන්න සෑම මනුස්සයෙකුට අයිතිය තියෙනව. මනුස්සයෙකුටම අයිතිවන ඒ හිමිකම වෙනුවෙන් අපි පෙනී හිටිය.

තමිලිනිගේ මතකය මම ඔබ ඉදිරියේ තියන්නේ, අද ඇගේ පොතේ සිංහල පරිවර්තනය දොරටවැඞීමේ නිමිත්ත වෙනුවෙනුයි. 2007 වසරේ දී ලන්ඩන් නුවර ඇවිදගෙන යනකොට, එක්තරා දෙමළ තරුණයෙක් මුණ ගැසුනා. ඔහු ජයකුමාර්. ඔහු මාව නාට්‍ය ශාලාවලට එක්කගෙන ගියා. ඔහු ටිකට් ගත්තා. මගේ චිත‍්‍රපට කිහිපයක් ලන්ඩන් නගරයේ ප‍්‍රදර්ශනය කරනකොට ඔහු ඒවා නරඹලා, මාව අඳුරගෙන ඒ මිත‍්‍රත්වය මත ඉතාම විශ්ෂ්ට ගනයේ නාට්‍ය ගණනාවක් බලන්න මාව එක්කගෙන ගියා. ඔහු ගැන විස්තර කරනකොට ඔහුගේ පියා මරල තියෙන්නෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් 1983දි කියල මට දැනගන්නට ලැබුණ. ඔහු මේ රට අතහැරල ලන්ඩන් නගරයට ගියා. එහිදී අපි මුණගැසුණා. මිත‍්‍රයින් බවට පත්වුනා. පස්සෙ ඊමේල් මගින් හමුවුනා. 2013 වසරෙදි ඔහු විවාහ වුනා කියල මට ආරංචි වුනා.

2015 වසරෙ එක්තරා දවසක ඔහු මට කතා කළා දෙහිවල ඉඳල. ඔහු කිව්ව ‘මගෙ නෝනට සනීප නැහැ’ කියල. ඔහු කිව්වා ‘පුලූවන් නම් මට හොඳ වෛද්‍යවරයෙක් හොයා දෙන්න’ කියල. මම කිව්වා ‘ඔය තියන පරීක්‍ෂ වාර්තා අරගෙන යමු වෛද්‍යවරයෙක් හමුවෙන්න’ කියල. ඇයට ඇත්තේ පිළිකාවක් කියල අනුමාන කරල, මහරගම පිළිකාරෝහලේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා ළගට මම ඔහුව එක්කරගෙන ගියා. එතුමා වහාම ගත්ත තීරණය තමයි රෝ්ගියා රෝහල් ගත කිරීමට.

ජයකුමාර්ගෙ පියා මරල තියෙන්නෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්. ඔහු බැඳල හිටියෙ තමළිනි කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මට ඔහු කීවා මගෙ බිරිඳ තමයි තමළිනී කියල. මම ඈ ගැන වාර්තා චිත‍්‍රපටයක් කරන්න අදහස් කළත් පුණරුත්තාපන නීතිරීති අනුව එය කරන්න නොහැකි වුනා. මම ඇගෙන් ඉල්ලා සිටියා ඔබේ අත්දැකීම් ලියන්න කියල. මේ ලිවීම ඉතා වැදගත් වෙනව. ජයකුමාර් ඇය විවාහ වෙලා මාස 1 2/1 ක කාලයක් ඇතුළෙ රෝගී වෙලා පණ අදිනව මම මගෙ ඇස්දෙකෙන් දැක්කා. ඩොක්ටර් නිහාල්, ඩොක්ටර් මහේන්ද්‍ර පෙරේරා ඉතාම මහන්සියෙන් මෙම රෝගියා සුවපත් කරන්න මහන්සි වුනා. ඔවුන් ජාතිවාදීන් නෙමෙයි. තමන්ගේ රෝහලට පැමිණි රෝගියා ජීවත් කරන්න ඔවුන් දරපු උත්සාහය මට අමතක කරන්න බැහැ.

තමළිනී ජීවත් කරවන්න එතුමා සෑහෙන උත්සාහයක් දැරුවා. එක් දවසක් රාත‍්‍රියේ තමළිනි එතුමාගේ දෑත් අල්ලල වැඳල ‘මේ වගේ මනුෂ්‍යයො සිංහල මිනිස්සු අතර ඉන්නව කියල මම දැනගෙන හිටියෙ නෑ’ කියල තියෙනව. ඒක තමයි සංහිඳියාව කියන්නෙ. ඒකට සල්ලි  ඕනෙ නෑ. මනුස්නකම, කරුණාව විතරයි ඒකට  ඕනෙ. අපි බෞද්ධයො. අපි බෞද්ධයො නම් ඇයි අපි ළ`ග කරුණාව නැත්තෙ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන අංශ හතරෙන් අපිට මනුස්සයෙක් දිනාගන්න පුලූවන්. එතුමා ඒක කෙරුව. පහුවදා උදේ මාධ්‍ය වාර්ථා කෙරුවෙ කොටි දේනුව මැරිල කියල. මෙහෙමයි මාධ්‍ය හැසිරුනෙ. ඩොක්ටර්ගෙන් කෝල් කරල අහන්න අරන් තියෙනව කවුද කොටි දේනුව රෝහලට ඇතුල් කෙරුවෙ කියල. ඩොක්ටර්ගෙන් කියල තියෙනව, ‘මගෙ රෝහලට ඇතුල් කරන සිංහල, දෙමළ, මුස්ලිම්  ඕන කෙනෙකුට ප‍්‍රතිකාර කිරීමේ අයිතිය මට තියෙනව කියල.

මම අවසාන වශයෙන් කියන්නම් ඇය පොතේ සඳහන් කරල තියෙන කොටසක්.

‘අපි සම්බන්ධව සිටි යුද්ධයෙහි කිසිම හේතු දැක්වීමක්වත්, මගේ හිත සැනසීමටවත් මේ යුද්ධය සමත් වූයේ නැහැ. එම වාතාවරණය තුළ මම ආයුධ සන්නද්ධ අරගලය පිළිකුල් කළෙමි. සංවිධානයේ නායකත්වය විසින් ගන්නා ලද තීරණ හේතුවෙන්, ජාතියම විනාස වී යන තත්ත්වයක් උදා වී තිබුණ. තිස් වසරක යුද්ධයේදී පවා ජනතාව ඝාතනයට පත් වී ලක්‍ෂ ගණන් විනාශ වී ඇත. කෝටි ගණනක වස්තුව අහිමි වී ඇත. ලක්‍ෂ ගණනාවකගේ අනාගතය විනාශ වී ඇත. මේ සියල්ලම විමුක්තිය උදෙසා ජනයාගේ කැප කිරීම්. නමුත් ජනතාව විනාශ වූ පසු මේ දෙශය කාවෙනුවෙන් ද? මේ විමුක්තිය කාවෙනුවෙන්ද? යුද්ධයේ අවසන් අධියරේ දී ජනතාව අන්වින්ද ඛේදවාචකයන් පිළිගැනීමට මට නොහැකිය. අපගේ අරගල ක‍්‍රමය වැරදි බව මගේ දෑස් ඉදිරිපිට අත්දැකීමෙන් දුටුවෙමු. අපගේ ආදරයට පත් වූ ජනතාව, අපේ ඇස් ඉදිරියේම පාරවල් අයිනේ මළ සිරුරු ලෙසින් අතහැර දමා තිබුණි. එයට සටන්කාමී සංවිධානය එක් හේතුවක් විය. එහෙම නම් මෙම අරගලය කා වෙනුවෙන්ද? මේ ප‍්‍රශ්න කිරීම ඉතාම වැදගත් වෙනව. ඒ මැදිවයසක් ගත කරපු අපිට නෙමේ අපේ දරුවන්ගෙ දරුවන්ට.

මෙම පොත යුද සාහිත්‍යයක ආරම්භයක්. මෙම යුද සාහිත්‍ය ඉතාමත් වැදගත් වෙනව මනුෂ්‍යත්වය ?ක ගැනීම සඳහා.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *